News Line| Off Air
Generic placeholder image

Oct
29

නව අගමැතිතුමා දිව්රුම් දීමේ සම්පූර්ණ වීඩියෝව

Generic placeholder image

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදියි. එහි දර්ශන පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි https://youtu.be/DEe42E2MAgI


Oct
29

කථානායක කරූ මුණගැසෙන ජ්‍යාතන්තර නියෝජිතයො දෙදෙනා කවුද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කල ඉල්ලීමකට අනුව කථානායකවරයා අද සවස 3ට ඔවුන් හමුවීමට නියමිතයි. ඒ රටෙහි වත්මන් දේශපාලන තත්වය පිලිබඳව සහ ඉදිරියේදී ගන්නා දේශපාලනමය ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡාවක් කිරීම සදහා බවයි වාර්තාවන්නේ.


Oct
29

නව අගමැති පෙරවරු 11.50 ට යෙදුණු සුභ මොහොතින් වැඩ අරඹයි

Generic placeholder image

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලයේ […]


Oct
29

කථානායකවරයා නුවරට

Generic placeholder image

කථානායක කරු ජයසුරිය  මහතා  අද (2018.10.29)  දින පෙරවරුවේ  මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය. මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ  පැවසූවේ රටේ උද්ගත වී  ඇති  දේශාපාලන අවුල් සහගත  තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම  අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි. ඉතිහාසයේ සෑම විටකම  මෙවැනි අවස්ථාවලදී […]


Oct
29

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා ජනපති තිස්සමහරාමයේදී කියයි – Breaking

Generic placeholder image

අද උදෑසන තිස්සමහාරාමයේදී පැවැත් වූ වප් මගුල් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර කැබිනට් මණ්ඩලය අද දිනයේ පත් කරන බවට ලද තොරතුරුත් සමග සැවොම බලා සිටින්නේ එම තනතුර කා අතර බෙදී යයිද යන්නයි. එයට පිළිතුරු සපයමින් ජනපතිතුමා සඳහන් කලේ කෘෂිකර්ම ඇමතිතුමා […]


Oct
29

අර්ජුන ඇතුලට යන තුරු රටට තෙල් නැති වෙයි

Generic placeholder image

රට පුරා අද ඛනිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එයට ප‍්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ ඊයෙ අර්ජුණ රණතුංග මහතා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුලූ‍ වීමට උත්සාහ කිරීමේදී ඇතිවුණ උණුසුම් තත්ත්වයේ දී අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂකයෙකුගෙ වෙඩි පහරින් ඛනිජ තෙල් සේවකයෙකු මියයාම. වෙඩි පහරින් තුන් දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු රෝහල් ගත කලා. ඒ අතරින් […]


Oct
29

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරු – Breaking News

Generic placeholder image

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ යන මහත්වරු පත් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.


Oct
28

හෙට නිවාඩු කියන්නෙ බොරු..!!

Generic placeholder image

හෙට දවස නිවාඩු දවසක් කියලා ප්‍රචාරය වෙලා තියෙන්නෙ බොරුවක් කියලා අපිට වාර්තා වුණා. සමහර වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය වල ප්‍රචාරය වී තිබෙන්නේ අසත්‍යය තොරතුරුයි.


Oct
28

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමෙන් පසු ජනපති මුල් වරට ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

Generic placeholder image

ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-10-28) ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සම`ග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු […]


Oct
28

නාමල් කොටකලිසමක් ඇඳගෙන FCID යට – PHOTO

Generic placeholder image

නාමල් රාජපක්ෂ මහතා අද (28) දිනයේ FCID ට පැමිණ තිබේ.ඒ අධිකරණය නියෝගය වලට අදාළව පොලීසියට වාර්තා කිරීම සඳහාය. නාමල් රාජපක්ෂ මහතා කොට කලිසමක් හැඳ එහි පැමිණ තිබූ අතර සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳව විවේඡනය කරන ඇතැම් දෙනා පවසන්නේ රාජ්‍ය ආයතනයකට ආ යුතු පිළිවෙලක් ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් පළ කරන නීතිඥ ප්‍රේම්නාත් සී. […]


Oct
28

ජනපතිට දෝෂාභියෝගයක්

Generic placeholder image

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post