මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ. වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි. යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් […]
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටින ඉන්දීය ජනතාවට ශක්තිමත්ව සිටින ලෙසට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සිය වෙහෙස මහන්සිය නොබලා කොරෝනා රෝගීන්ට සේවය සලසන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ද පාප් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745ක්.
මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනා ගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 326ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 ක් වාර්තා වුණා. ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ පහතින්,
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු මෙලෙස අද සිට ආරම්භ කෙරෙනවා. මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගය වන අතර අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එහි අද ආරම්භ කෙරෙන අදියර සදහා වන ව්යදම රුපියල් බිලියන 54.70 ක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. එම ප්‍රදේශ වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ , කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසමපහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසමඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම කොළඹ දිස්ත්‍රික්කයේපිළියන්දල […]
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම් හේතුවෙන්.ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට සිට වාරණය කෙරෙනවා.
තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 ක්.