News Line| Off Air
Generic placeholder image

Apr
22

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 630 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා.


Apr
22

කුරුණෑගල තිත්තවැල්ගාල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සංචරණ සීමා

Generic placeholder image

කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ගාල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා.


Apr
22

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද […]


Apr
21

විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට පැමිණි නෞකාවට වහාම පිටව යන ලෙසට දැනුම් දෙයි

Generic placeholder image

විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට හදිස්සියේම පැමිණි නෞකාවට වහාම පිටව යන ලෙසට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබෙනවා. නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇති බව පැවසෙන අතර නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව […]


Apr
21

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගැනේ

Generic placeholder image

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බවයි. ඒ නිසා සියලු දෙනා දැඩිව සෞඛ්‍ය නීති අනුගමනය කල යුතු බවයි ඔවුන් අවදාරණය කරන්නේ.


Apr
21

ඇමෙරිකානු පොලිස් වෙඩි පහරකින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ඝාතනය වෙයි

Generic placeholder image

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා […]


Apr
21

කායින් , ආබෙල් සහ පාස්කු

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙනවා..එම ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුණද එම ප්‍රහාරයෙ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් වෙන් වූ දුකට මැරි මැරී ජිවත්වෙයි… තමන්ගේ සම්පතමයෙක් අහිමි වූ වේදනාව කොතරම් ද යන වග එය අත් විදින අයෙක්ම දන්නා කාරණාවක්… ඔවුන්ගේ එම කදුළු වේදනාවන්ට යුක්තිය ඉටුවන තෙක් මගබලා […]


Apr
21

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සිය දියණියගේ සොහොන ළග වසර දෙකක් තිස්සේ නිදාගන්නා පියෙක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සම්පුර්ණ වෙනවා. ඊට වසර දෙකක් ගෙවුණද එම ප්‍රහාරයේ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් නැති අඩුව ගැන දුක් අදෝනා නගයි. මැරි මැරී ජිවත්වන ඔවුන්ගේ එම ශෝකජනක කතා එම ප්‍රහාරයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සෑම දෙනා තුලම පවතිනවා. එවන් කතාවක් තමයි මේ, එනම්, මෙම කුරිරු ත්‍රස්ත […]


Apr
21

පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඩ වෙයි

Generic placeholder image

පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක නිහඩතාවයක් පවත්වා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරීම හේතුවෙන් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර සිටියේ “පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට […]


Apr
21

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක්

Generic placeholder image

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් තිදෙනෙක් යතුරුපැදිකරුවන් බවයි පැවසෙන්නේ. ගෙවුණු සතිය තුල රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා.


Apr
21

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක්

Generic placeholder image

ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,


Apr
21

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙස සුදු ජාතික ෂෝවින් නම් කෙරේ

Generic placeholder image

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය පිලිබදව චෝදනා ලැබ සිටි සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබෙනවා. එම තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එල්ල වූ සියලු චෝදනා වලට එම ජූරි සභාව මගින් ඔහු වරදකරු කර […]


News Articles
Latest Videos
Most Popular Post