මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ,. ඉකුත් පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට […]
ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල ඇතුළට ඉන්දියාවද එක් කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ මේ වන විට දක්නට ලැබෙන නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි. ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින සිට පසුගිය දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යට ඇතුළු වීම […]
උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 08 වනදා සිට මේ දක්වා සමස්ත අධිවේග මාර්ග පද්ධති තුළින් මෙම ආදායම උපයාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම කාලය තුල අධිවේග මාර්ගවල රථවාහන 1,236,288කට අධික ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.
ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ ඊයේ මැදියම් රැයේ සිට මෙලෙස එම නගරය වසා දමන ලද අතර කෙසේ වෙතත් රජයේ කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා වන රෝහල්, ඖෂධ ශාලා, සහ වෙළෙඳසැල් විවෘත ව තැබීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ දෛනික නව ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් […]
119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි ව්‍යසනයක් සිදු කිරීමට සැරසෙන බව පවසමින් කාන්තාවක් විසින් ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම තොරතුර අසත්‍ය ප්‍රචාරයක් බවත් පොලීසිය මුළා […]
අඟහරු ග්‍රහලෝකයේ පළමු වරට හෙලිකොප්ටර් යානයක් පියාසර කරවීමට කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අනුබද්ධිත යානා විද්‍යායතනයක සමත්ව තිබෙනවා. මෙම කුඩා හෙලිකොප්ටර් යානය අඟහරු මත මීටර් තුනක් පමණ ඉහළ අහසේ තත්ත්පර 30ක කාලයක් පියාසර කර තිබෙන අතර එහිදී අගහරු මත ඡායාරූප කිහිපයක් ද ලබා ගෙන තිබෙනවා. මෙය අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන ලෙස හැදින්වේ.
ඉකුත් අවුරදු සතිය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 69 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා.
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් […]
අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සපිරීම හේතුවෙන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 8.45ට මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරනවා.විෂය මාලා ආවරණය කර ගැනීමට අවශ්‍ය හෙයින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.
අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
අපි හැමෝම සමාජයේ සෑම දෙයක් පිලිබදව අවදානයෙන් සිටිය යුතුය. ඔබ දන්නා නොදන්නා දේ පිලිබදව පැහැදිලි අපැහැදිලි තැන් පිලිබදව නිරාකරණය කරගත යුතුය.. අද කතාව ඒ පිලිබදවයි