අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළා. අනතුරුව අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳපුදාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 489 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 23,793ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූවන් සංඛ්‍යාව එසේ ඉහළ යද්දි තවත් නව ආසාදියන් 515 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ගෙන් 368 දෙනෙකු […]
නයිජීරියාවේ පාසලක ළමුන් 400 ක් තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් බිය ගන්වා පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අදාල සිද්ධිය පිලිබදව එරට හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලබන අතර තුවක්කුකරුවන් සැඟවී සිටින බවට පැවසෙන ස්ථානයක් හමුදාව විසින් හදුනාගෙන ඇති බවද වාර්තා වෙනවා.
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මේ අතර සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය […]
දිවයිනේබොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත්කළුතර, ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලින් වන අතර 55 හැවිරිදි සහ 66 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සහ පෙරේදා දිනවල එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 149 දක්වා ඉහළ […]
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් තමන් ද නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ යැයි පවසන අයෙක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා. ඔහු පැවසුවේ, වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන බව පැවසෙන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවකට අනුව සහ වසංගත තත්ත්වයන්හිදී භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුණ සන්නස්වලට අනුව මෙම පැණිය නිපදවා ඇති බවයි. […]
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7ට එය පැවැත්වෙන්නේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි. දෙවැනි අවසන් පූර්ව තරඟය එළැඹෙන 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර ලබන වසරේ […]
බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. පසුව ඔහුගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. අදාළ පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් වශයෙන් නිරෝධායන වූ අයෙක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඔහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය, අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා. මේ […]
වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ, ලබන 26 වැනිදා සිට එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා බලධාරීන්ට දන්වා ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා වන උපදෙස් මාලාවන් ඉදිරියේදී නිකුත් කරන බවයි.
අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්රුවේ ආසාදිතයින් 632 හඳුනාගත් අතර ඔවුන්ගෙන් 551 දෙනෙකු මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. බන්ධනාගාර රැඳවියන් ආශ්‍රිත පොකුරෙන් සෙසු 81 දෙනා හඳුනා ගැනුණා. එමෙන්ම රාත්‍රිය වනවිට තවත් 123 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් […]