15 හැවිරිදි දැරියක් කාමරයකට දමා පහර දී, ඇගේ කොණ්ඩය කපා වධ හිංසා කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඇහැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දැරිය සමග ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයෙකු ඇයව ඔහුගේ නිවසට රැගෙන ගොස් කාමරයකට දමා දොරගුළු දමා තිබුණා. පසුව පැමිණි අදාළ තරුණයාගේ මව, සහෝදරිය සහ මිතුරියන් දෙදෙනෙකු එක්ව මෙලෙස එම දැරියට වධ හිංසා […]
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 1,601,469ක්. මේ වන විට හදුනාගෙන තිබෙන ගොලීය කොරෝනා ආසාදිතයින් 49,653,097ක්. ගතවූ පැය 24 දී අමෙරිකාවෙන් පමණක් නව ආසාදිතයන් 220,000 ඉක්මවූ අතර වාර්තා වූ මරණ ගණන 2,919 ක්.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 473 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 23,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 23,304ක් ලෙසයි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණයකර තිබෙනවා.
’’ජෙමිනිඞ්’’ උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින තුනක් මෙරට ජනතාවට දැකගත හැකි වනවා. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කළේ, පැහැදිලි අහසක් පවතින්නේ නම් මෙම උල්කාපාත වර්ෂාව සුපැහැදිලිව දැක ගැනීමට මෙරට ජනතාවට හැකි වන බවයි. මේ දිනවල සඳ නොමැති අහසක් ඇති බැවින් එය ද මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසින් වඩාත් හොඳින් නැරඹීමට පහසුවක් බවයි ජ්‍යෙෂ්ඨ තාරකා […]
කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව කියන දේශීය ඖෂධයේ ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශය සහය දීමට තීරණයකර තිබෙනවා. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ධම්මික බණ්ඩාර මහතාට මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබා දීමට කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ කටයුතු කළා. පසුගියදා ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය විශාල […]
අද සහ හෙට යන දෙදින තුළ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි එම දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එළැඹෙන සඳුදා සිට සියලු කාර්යාල දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි.
තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මුදා හැරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. විෂයය භාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේ, මේ මස 31 වැනිදාට පෙර රැඳවියන් 5000කට ආසන්න පිරිසක් එලෙස මුදා හැරීමට පියවර ගෙන ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට අලුත්කඩේ ඉදි කෙරුණු නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය තුළ මේ මස අවසානයේ නිරෝධායන ඇඳිරි නීතිය හෝ හුදෙකලා තත්ත්වයන් පැනවීමට කිසි ලෙසකින් හෝ තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි දින කිහිපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වෙනසක් සිදු විය හැකි බවයි. කෙසේ වෙතත් කොළඹ මහනගර සභා සීමාව පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම […]
හුදෙකලාකර තිබූ කොළඹ ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රම කිහිපයක් අද උදෑසන 6 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්පාස් මුවදොර උයන, ග්‍රෑන්පාස් සමගිපුර සහ දෙමටගොඩ මිහිඳු සෙන්පුර උයන යන මහල් නිවාස යෝජනා ක්‍රම එලෙස හුදෙකලා බවින් […]
මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ වාස් ගුණවර්ධන මහතාව ප්‍රතිකාර සඳහා මේ වනවිට බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇති බවයි.