News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

විදෙස්ගතව සිට දිවයිනට පැමිණි 69කටත් කොරෝනා

Generic placeholder image

විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 69ක්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගියා.


Dec
10

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැකයක්?

Generic placeholder image

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැක මතුව ඇතැයි වාර්තා වනවා. එම හිමිනමගේ දේහය පසුගියදා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමු වූ අතර පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසයකර ඇති බවයි. 35 වසරක් පැවිදිව සිටි උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මින් පෙර වැඩවාසය කර තිබුණා. […]


Dec
10

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 146 දක්වා ඉහළ ගියා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු තහවුරු කිරිමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
10

කොරෝනා වැළඳී රෝහල්ගත වන සහ මියයන රජයේ සේවකයින්ට ලැබෙන දේ

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත වන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000 බැගින් දින 10ක් ලබා දීමට තීරණයකර තිබෙනවා. ඒ, අග්‍රහාර රක්ෂණාවරණය යටතේයි. එමෙන්ම කොරෝනා වෛරසයෙන් මියයන එම සේවකයින්ට අදාළ රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ගෙවීමටත් තීරණය වී තිබෙනවා.


Dec
10

තවත් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

නව ආසාදිතයින් 169 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 469ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් […]


Dec
10

2024 වසරේ හඳට යන පිරිස

Generic placeholder image

2024 වසරේදී සඳ තරණය කිරීම සඳහා ගඟනගාමීන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නාසා ආයතනය විසින් නම් කරනු ලැබ තිබෙනවා. ඇමරිකාවේ උප ජනාධිපති මයික් ස්පෙන්ස් මහතා මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කළා. 8 වැනි ජාතික අභ්‍යාවකාශ කවුන්සිලයේ රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Dec
10

කොරෝනා වැළඳී මියගිය දින 20ක බිළිඳාගේ දේහය මව්පියන් ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගිය දින 20ක් වයසැති බිළිඳාගේ මෘත දේහය භාර ගැනීමට එම බිළිඳාගේ මව්පියන් පැමිණ නැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ, දරුවාගේ දේහය භාර ගැනීමට මව හෝ පියා නොපැමිණීම හේතුවෙන් එය මෘත ශරීරාගාරය වෙත යොමු කළ බවයි. පසුව පොලිසිය මාර්ගයෙන් මව්පියන්ට […]


Dec
10

මහින්ද දේශප්‍රියට නව තනතුරක්

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සීමා නීර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළා.


Dec
10

ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔහු ලබන 15 වැනිදා නව ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ලබන 14 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා මේජර් ජෙනරල් […]


Dec
10

2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි

Generic placeholder image

2021 වසරේ අයවැය සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :


Dec
10

දිස්ත්‍රික්ක කිහියකට ප්‍රභල අකුණු සමග තද වැසි

Generic placeholder image

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රභල අකුණු සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. එලෙස අකුණු සහිත තද වැසි ඇති වනවිට ඉන් […]


Dec
10

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ධුරය කාට ද?

Generic placeholder image

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා නව ලේකම්වරයෙක් පත්කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වන අතර ඔහු ඉදිරියේදී නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post