News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

බුරවී සුළි කුණාටුව ක්‍රමයෙන් ලංකාවෙන් ඉවතට

Generic placeholder image

ඊයේ රාත්‍රියේ ලංකාවට ඇතුළු වූ බුරලි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි යාපනය ප්‍රදේශයට ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. අද දහවල් කාලය වන විට බුරලි සුළි කුණාටුව මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යන බවට පවසන එම දෙපාර්තුමේන්තුව ඒ තුලින් එම කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහව යන බවට […]


Dec
3

වත්තල ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක් වතුර නෑ

Generic placeholder image

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. මෙලෙස ජලය සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකටයි.


Dec
3

ගත වූ පැය 24 තුල ඇමෙරිකාව එක් දිනක් තුල වාර්තා වූ වැඩිම වැඩිම කොරෝනා මරණ ගණන හා ආසාදිතයින් ගණන වාර්තා කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ ගත වූ පැය 24 කාලය තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන සහ ආසාදිතයින් ගණන වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුල එරට කොරෝනා මරණ 2841 ක් වාර්තා වී තිබෙනවා. එපමනක් නොව කොරෝනා ආසාදිතයින් 203427 අලුතින් හදුනාගෙන තිබෙනවා.


Dec
3

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 878ක් – එයින් කොළඹින් 402ක්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් ඊයේ දිනය තුල නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.


Dec
3

මහර ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා යයි

Generic placeholder image

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ අදාල රැදවියා රෝහලෙන් පළා ගොස් ඇති අතර මේ වන විට එම රැදවියා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.


Dec
3

තද සුළං හා වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය දෙසැම්බර් 02 දින රාත්‍රී 10.30 ත් 11.30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුල් වු අතර සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැක. මෙය […]


Dec
2

තවත් කොරෝනා මරණ 2ක් – මෙරට මරණ ගණන 124 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. අද වාර්තා වූ […]


Dec
2

බන්ධනාගාර රැඳවියන් ඇතුළු ආසාදිතයින් 528ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 528 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් එලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 878ක්.


Dec
2

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළු වෙයි

Generic placeholder image

බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනේ නැගෙනහිර වෙරළට මේ වනවිට ඇතුළු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේෙ, එය දිවයිනෙන් පිටතට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි. මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් […]


Dec
2

අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආර්ථික සමුළුව අමතයි (ඡායාරූප)

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇමතුවා. අද එය පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවත් තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත්කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව අභියෝග කළමනාකරණයකර ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ආර්ථික සමුළුව […]


Dec
2

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන්නැයි උපදෙස්

Generic placeholder image

මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. පොලිස් මූලස්ථානයේදී අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් දුන් බව […]


Dec
2

​සුළි කුණාටුවෙන් සිදු වන ආපදාවලින් ජනතාව මුදා ගැනීමට ත්‍රිවිද හමුදාව ඇතුළු සියලු අංශ සීරුවෙන්

Generic placeholder image

සුළි කුණාටුවත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ත්‍රිවිද හමුදාව, රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඇතුළු සියලු අංශ සූදානම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ගුවන් හමුදාව පැවසුවේ, ඕනෑම ආපදා අවස්ථාවකදී ඉන් ජනතාව මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ සහන සේවා කණ්ඩායම් සූදානම්කර ඇති බවයි. එමෙන්ම සුළි කුණාටුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post