News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනය තුළ හමු වූ කොරෝනා අසාදිතයින් ගණන 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් ද වෙනවා. ඒ අතරින් 160 දෙනකු වාර්තා වුණේ කොළඹින් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස ද වාර්තා වුණා.


Nov
20

මෙරට 74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 74 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්.


Nov
20

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 215ක්

Generic placeholder image

පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 435ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංඛ්‍යාව 15,765 දක්වා ඉහළ යනු ඇති.


Nov
20

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට (ඡායාරූප)

Generic placeholder image

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතයි. තදබදය අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැළසුම් සකස් වී ඇත්තේ 2011 වසරේදීයි. ඒ, ජනාධිපති ගෝඨාභය […]


Nov
20

අද සිට කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට ලැබෙන විශේෂ‍ සෞඛ්‍ය සේවා

Generic placeholder image

කොළඹ මහනගර සභා සීමාව තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කෙරුණා. 011 3 422 558 යන දුරකතන අංකය ඇමතීමෙන් ගිලන් රථ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි වනවා.


Nov
20

සඳුදා විවෘත නොකෙරෙන වයඹ පළාතේ පාසල්

Generic placeholder image

වයඹ පළාතේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ කිහිපයක පාසල් ලබන සඳුදා ආරම්භ නොකිරීමට තීරණයකර තිබෙනවා. බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල පාසල් එළඹෙන 23 වැනිදා විවෘත කිරීමට රජය පසුගිය දා තීරණය කළා. කෙසේ වෙතත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ කිහිපයක පාසල් ආරම්භය සතියකින් කල් දැමීමටයි තීරණයකර ඇත්තේ. ඒ අනුව, කුරුණෑගල මහනගර සභා ප්‍රදේශය, කුරුණෑගල වෛද්‍ය […]


Nov
20

නිරෝධායන නීති කැඩූ නළුවෙකුට ඇප

Generic placeholder image

මුඛ ආවරණ නොපැළඳ මාර්ගයට පැමිණ, පොලිස් රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. පොලිසිය පැවසුවේ, රුපියල් 5000ක පෞද්ගලික ඇපයක් මත විල්සන් කරූ මහතාව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි. එම නඩුව ලබන පෙබරවාරි මස 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.


Nov
20

පෑලියගොඩින් අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව

Generic placeholder image

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් අද තවත් නව ආසාදිතයින් 220 දෙනෙකු හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 15,550ක් ලෙසයි.


Nov
20

මත්කුඩු තොගයක් සමග තිදෙනෙක් මාතරදී අත්අඩංගුවට

Generic placeholder image

මාතර, වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකා අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම එම පුද්ගලයින්ට අයත් බව පැවසෙන මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගත් මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය […]


Nov
20

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 06 ක් වූ අතර හදුනාගෙන තිබෙන සමස්ථ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වනවා.


Nov
20

තවත් කොරෝනා ආසාදිතයින් 368ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව සිටි ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා අද (20) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,841ක්.


Nov
20

ඉකුත් දින කිහිපය තුල කොරෝනා ආසාදිතයින් හමු නොවූ දිස්ත්‍රික්ක

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද වාර්තා වෙනවා . එම දිස්ත්‍රික්ක නම්, මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය. මෙරට ආසාදිතයින් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්කය වන්නේ , මුලතිව් දිස්ත්‍රික්කයයි.


News Articles
Latest Videos
Most Popular Post