News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරයට අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම නිසා පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත්කර තිබෙනවා. අද උදෑසන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.


Nov
22

දිවයින පුරා අදත් තද වැසි

Generic placeholder image

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි පැය 24-48 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැක. නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් […]


Nov
21

තවත් කොරෝනා මරණ 9ක්

Generic placeholder image

දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 2, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියා. […]


Nov
21

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා ගනියි

Generic placeholder image

අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමග පළා ගිය කොරෝනා ආසාදිත කාන්තාව ඇහැළියගොඩ, සිඳුරංගල කැලෑබද ප්‍රදේශයකදී සොයාගෙන තිබෙනවා. අවුරුදු දෙකක් පමණ වයසැති සිය දරුවා ද සමග අදාළ කාන්තාව රෝහලෙන් පළා ගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි. පොලිසිය කළ මෙහෙයුම්වලදී දරුවා ඊයේ ඇහැළියගොඩ, යාය පාර ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ සිටියදී සොයාගත්තා. අවුරුදු 25ක් වයසැති අදාළ කාන්තාව සොයා ගැනීම සඳහා […]


Nov
21

තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.


Nov
21

තවත් ආසාදිතයින් 257ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
21

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Generic placeholder image

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. ඒ අනුව 2021 අයවැය තෙවැනිවර කියවීම එළැඹෙන සඳුදා පැවැත්වීමට නියමිතයි.


Nov
21

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

Generic placeholder image

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සිව්වන දිනටයි.


Nov
21

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට – වාහන ධාවනය සීමා කිරීම ගැන නිවේදනයක්

Generic placeholder image

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත්තේ, මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේයි. ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම කටයුතු අවසන් […]


Nov
21

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

උතුරු, නැගෙනහිර ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, ගිනිකොණ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අද උදෑසන වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බවයි. එම නිවේදනය පහතින් :


Nov
21

කොළඹින් හමුවන ආසාදිතයින් දිනෙන් දින වැඩි වීමට හේතුව

Generic placeholder image

දෛනිකව කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස සහ ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිලි, නාන ස්ථානවල ජල කරාම ආදිය භාවිත කිරීමට පුරුදුව සිටින ආකාරය බව විමර්ශනයකදී හෙළි වී තිබෙනවා. ඊයේ වනවිට කොරෝනා දෙවැනි පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 15,324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වුණා. ඉන් බහුතරයක් කොළඹ […]


Nov
21

කොරෝනාවට එරෙහිව එන්නතක් සොයන බ්‍රිතාන්‍යයේ පර්යේෂණවල ශ්‍රී ලාංකික වෛද්‍යවරියකුත් පෙරමුණේ

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය පවත්වන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශන නිලධාරිනියක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක ද පෙරමුණ ගෙන සිටිනවා. ඇය නමින්, මහේෂි එන්. රාමසාමි වෛද්‍යවරියයි අදාළ එන්නත පිළිබඳ සිදු කරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන “ද ලැන්සෙට්“ හි පළ කර තිබූ වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මියගේ නාමයයි. ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post