News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 06 ක් වූ අතර හදුනාගෙන තිබෙන සමස්ථ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වනවා.


Nov
20

තවත් කොරෝනා ආසාදිතයින් 368ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව සිටි ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා අද (20) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,841ක්.


Nov
20

ඉකුත් දින කිහිපය තුල කොරෝනා ආසාදිතයින් හමු නොවූ දිස්ත්‍රික්ක

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද වාර්තා වෙනවා . එම දිස්ත්‍රික්ක නම්, මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය. මෙරට ආසාදිතයින් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්කය වන්නේ , මුලතිව් දිස්ත්‍රික්කයයි.


Nov
20

ඩ්‍රෝන මෙහෙයුම්වලින් තවත් පිරිසක් අල්ලයි

Generic placeholder image

ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු කොටගෙන ගත් පිරිසක්. මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 358 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි […]


Nov
20

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගේ දත්ත රැස් කිරීම ගැටළු සහගතයි – GMOA

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. අවදානමක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවීම සමස්ත දිවයිනටම ගැටළුවක් බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
20

බ්‍රිතාන්‍යයට එන ලාංකිකයින්ට සහනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට වන අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතලත් වෙනවා.


Nov
20

නිරෝධායන නීති කැඩූ ප්‍රවීණ රංගන ශිල්පියෙකු පොලීස් අත් අඩංගුවට

Generic placeholder image

කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Nov
20

IDH රෝහලෙන් පළා ගිය දරුවා සොයා ගනී – මව සොයා ගැනීමට පොලීසිය ජනතා සහය පතයි

Generic placeholder image

කොළඹ IDH රෝහලෙන් පළා ගිය මව සහ දරුවාගෙන් වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුව තිබෙනවා. පළා ගිය කොරෝනා ආසාදිත වයස අවුරදු 25 ක් වන මව සිය දරුවා අදාල නිවසට ලබා දී නැවත එම ස්ථානයෙන් ද පැන ගොස් තිබෙනවා. එම පැන ගිය මව සොයා ගැනීමට පොලිසිය ජනතා සහය පතනවා


Nov
20

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Generic placeholder image

සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවානය නොවේ.


Nov
20

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

Generic placeholder image

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත අතරමීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය […]


Nov
20

ඊයේ දිනයේ අසාදිතයින් 437 ක් හමුවෙයි – කොළඹින් 305ක්

Generic placeholder image

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමි‍ණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වෙනවා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් වාර්තා වන අතර […]


Nov
20

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙක් රෝහලෙන් පැන යයි

Generic placeholder image

ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post