අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත්තේ, මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේයි. ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම කටයුතු අවසන් […]
උතුරු, නැගෙනහිර ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, ගිනිකොණ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අද උදෑසන වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බවයි. එම නිවේදනය පහතින් :
දෛනිකව කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස සහ ඒ ආශ්රිත ජනතාව පොදු වැසිකිලි, නාන ස්ථානවල ජල කරාම ආදිය භාවිත කිරීමට පුරුදුව සිටින ආකාරය බව විමර්ශනයකදී හෙළි වී තිබෙනවා. ඊයේ වනවිට කොරෝනා දෙවැනි පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 15,324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වුණා. ඉන් බහුතරයක් කොළඹ […]
කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය පවත්වන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශන නිලධාරිනියක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක ද පෙරමුණ ගෙන සිටිනවා. ඇය නමින්, මහේෂි එන්. රාමසාමි වෛද්‍යවරියයි අදාළ එන්නත පිළිබඳ සිදු කරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන “ද ලැන්සෙට්“ හි පළ කර තිබූ වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මියගේ නාමයයි. ශ්‍රී […]
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය 19 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 32දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා. එහි වාර්තා අනුව 11 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් සිව් දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල දෙවැනි රසායනාගාර පරීක්ෂණයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ගොඩනැගිලි රැසකට ද ඉන් හානි සිදුව ඇති බවයි. රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටාර් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එලෙස එල්ල වී තිබුණේ, කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක් ඉලක්කකර ගනිමින්.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට මේ දක්වා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ යනු ඇති.
විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගියදා දුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා. විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව ප්‍රකාශයට […]
බේරුවල ධීවර වරාය තුළ සිල්ලර මත්ස්යය වෙළඳාම් සිදු කිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් පොලීසිය, මහජන පරීක්ෂකවරුන් සහ සිල්ලර වෙළෙන්ඳන් අතර අද උදෑසන උණුසුම් තත්වයක් හටගත්තා. ඔවුන් පැවසුවේ, ධීවර වරාය තුළ සිල්ලර වෙළඳාමට ඉඩ නොදුන්න ද නගරය තුළ වෙළඳාම් සිදුවන බවයි. මේ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමන්ට ධීවර වරාය තුළ […]
රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එමගින් මහජනතාවට දැනුම් දෙන්නේ, සේවා ලබා ගැනීමට දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණීමට පෙර 011 2 696 917 හෝ 011 2 694 523 යන කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි. එසේත් නොමැති […]
බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගම්මානය තුල සිදු කෙරුණු අහඹු pcr පරීක්ෂණ තුලින් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු හමු වීමත් සමගයි.
මහ බැංකු සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබෙනවා.