ඊයේ දිනයේදී මෙරට කොරෝනා ආසාදිතයින් 449 දෙනකු වාර්තා වුණා. මේ අනුව මෙරට සතියක් තුල වාර්තා වූ ආසාදිතයින් ගණන 2756ක්. එමෙන්ම වාර්තා වූ මරණ ගණන 13ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක්.
බස්නාහිර පළාත ඇතුළු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල එම නීතිය හෙට අලුයම 5ට ඉවත් කරන බවත් අවදානම් තත්ත්වයේ පවතිව ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් සහ […]
ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් පක්ෂයෙන් තරඟ වැදුණු ජෝ බයිඩ්න් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය ජන්ද විද්‍යාල 270 ඉක්මවා ගොස් ජෝ බයිඩ්න් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. ඒ අනුව ජෝ බයිඩ්න් හිමි කරගත් ඡන්ද විද්‍යාල ගණන 273ක්. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ […]
තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 188 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 445ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,672 දක්වා ඉහළ යනු ඇති.
ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව යම්කිසි අවදානම් මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සති තුනක් ඇතුළත විශාල රෝගීන් සංඛ්‍යාවක් ගණනය වීම සහ මරණ 17ක් එක් වීම රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වර්ධනයක් බවයි. රෝගීන් වාර්තා වීම වළක්වා ගතහොත් වෛරස් ව්‍යාප්තිය පාලනයකර ගත හැකි බවයි […]
ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිහි ඇණුමකට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට භාජනයකර තිබුණා. එහිදී එම පුද්ගලයාට අහඹු ලෙස සිදුකළ පිී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි. ඒ අනුව එම පුද්ගලයාට […]
මෙරට සිදු වූ කොරෝනා මරණ ගණන 34 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සහ 69 වියැති කාන්තාවන් දෙදෙනක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයේ 88 වියැති කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. එලෙස මියගිය සිව්දෙනා නිවසේදී සහ රෝහලේදී වශයෙන් මියගොස් ඇති අතර එම මරණ 4ම කොරෝනා […]
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කෙරුණත් තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුුදෙකලා කර තැබීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, තෝරාගත් ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කර සෙසු ප්‍රදේශ දෛනික කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. සමස්ත බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් […]
මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 13,000 පසු කරමින් නව ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඔවුන් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,227ක් දක්වා ඉහළ ගියා.
සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වූ පළමු ආගමික පාසල බංග්ලාදේශයේ ඩකා අගනුවර විවෘතකර තිබෙනවා. එහි සිසුන් 150කට වැඩි පිරිසක් ඉස්ලාමීය හා වෘත්තීය විෂයයන් නොමිලේ ඉගෙන්වෙන බවයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තුන්වන ලිංග භේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය මේ වනවිට බංගලාදේශය තුළ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
සති අන්තයේ සංචරණය සීමා කර නිවෙස්වල රැඳී සිටින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳීරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට තීරණය කළ බව පොලිසිය නිවේදනය කළා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම […]
පූර්ණ සුවය ලැබූ තවත් 537 දෙනෙකු මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 7,723 දක්වා ඉහළ යනු ඇති.