කොරෝනා වෙෙරසය හේතුවෙන් විදේශ රටවල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට අරඹන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වෙෙරසයේ ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව නවතා ඇති අතර දැනට භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් විදෙස් රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මේ […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙන්නේ සිව්වැනි දිනටයි. අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවරට පෙනී සිටියේ, පසුගිය 05 වැනිදායි. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ […]
හික්කඩුවේ කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් අතුරතුරඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලටඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේය ඇය මියගොස් ඇති බවයි. හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ […]
කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකරන බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි වසංගත රෝග අංශයේ වෙෙද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, අද දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම මෙම සතිය තුළ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සාම්පල ලබාගෙන එම පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂවරයෙක් පත්කර තිබෙනවා. පොලිස් මුලස්ථානය පැවසුවේ, එම තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර අැති බවයි. මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස නම්කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා. පොලිස් මූලස්ථානය […]
නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සියලු වෙළදසැල් සහ ඔෞෂධසැල් අද සිට යළි වසාදමන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය යටතේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ද සංචරණය සීමා කොට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගය ලබාදෙන ලෙසයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධ […]
ගම්පහ දිස්ත්‍රික්කය තුළ 1485 දෙනෙකුට කොරෝනා වෙෙරසය අාසාදනය වී අැතැයි මෙතෙක් කළ පී.සී.අාර්. පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්කයේ පී.සී.අාර් පරීක්ෂණ 19,416ක් මේ දක්වා සිදුකර ඇති බවයි. දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් පී.සී.අාර්. පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පවතින ප්‍රදේශ වල සිටින නීතිඥවරුන් ඇතුළු සියලු පාර්ශ්ව නඩු කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කර තිබෙනවා. මේ අනුව ඇදිරි නිතිය පවතින කාලය තුල මෙලෙස පැමිණෙමින් වලකින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩි දුරටත් නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.
ප්‍රවීණ කලාවේදිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. එ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දශක ගණනක් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කිරීමට අැය සමත් වූයේ සිය විශිෂ්ට රංගන සහ ගායන හැකියාව මොනවට විදහා පාමින්. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් අැය ඉන් කිහිපයක […]
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1850 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සදහන් වන්නේ.
කොරෝනා අසාදනය වූ බව පැවසෙන මාධ්‍යවේදියා ඉකුත් 13 වනදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට කරුණු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කරන නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව කරන ලද pcr පරික්ෂනයකින් තහවුරු වී තිබෙනවා. බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ වයස අවුරුදු 33 වන මෙම ආසාදිත නිලධාරිනියගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇති බවයි.