දිවියෙන් සමුගත් ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා සමග බොහෝ කාලයක් රංගනයෙන් දායක වූ බන්දු සමරසිංහ මහතා සිය මිත්‍රයා පිලිබදව සංවේදී සටහනක් තබමින් ශෝකය පළ කර තිබෙනවා.
ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුවා.
කාම්බෝජය පැවති සිවිල් යුධ සමයේදී විවිධ ප්‍රදේශ වල අතුරා තිබෙන බිම්බෝම්බ 39 ක් සොයා ගැනීමට සමත් වූ “මගාවා” නමින් හදුන්වන මීයෙක් හට රන් පදක්කමක් පිරි නමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. PDSDA ආයතනයක් මගින් මෙම රන් පදක්කම පිරි නමා තිබෙනවා.
සිය මිදුල අතුගාමින් සිටි වයස අවුරුදු 14 ක් පමණ පාසල් දැරියක් නිවසේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් වැසිකිලි වලට ඇද වැටි මිය ගොස් පුවතක් වාර්තා වෙනවා. ඒ මාවනැල්ල ගනේතැත්න ප්‍රදේශයෙන්.. එම දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇති බවයි මාවනැල්ල පොලිසිය සදහන් කරන්නේ..
ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය හා සිනමා නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය වන කවීෂා කාවින්දි හා අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ෆ්‍රීහෝල්ඩ්හි පැවැත්වූ මංගල උත්සවයේ නිල ජායා රූප පෙළක් පහතින් දැක්වේ..
පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම් තුලින් අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය දිවයින පුරා සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ලූණුවිල ප‍්‍රදේශයේදී පතරොම්, කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගල්කිස්ස, ප්‍රදේශයේදී දී ද උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් කාණුවක් තුලදී සොයාගෙන තිබෙන […]
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා පොල් සඳහා පනවනු ලැබූ පාලන මිල නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දෙමටගොඩ සහ නාරාහේන්පිට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ඔවුන් ඇතැම් තැන් වලදී පාලන මිල අභිබවා පොල් මිල ගණන් පැවතුනු බවද පවසන අතර මේ පිලිබදව වෙළෙදසල් හිමිකරුවන් සදහන් කරන්නේ පාලන මිල […]
ආබාධිත තත්ත්වයන් යටතේ සිටින පිරිසට වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව පවතින පිරිසට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3208 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 3349 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 128 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]
අද (26) සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව අද රාත්‍රී 08.00 සිට හෙට (27) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ […]