අද අප භුක්ති විඳින මානව හිමිකම් දිනා ගනු ලැබුවේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ සුළු ජාතීන්ගේ අරගලයෙනි. එහෙත් ඒ පිළිබඳ කුතුහලයෙන් යුත් මානසික විමුක්තියක් අපට නොතිබෙනවා යැයි කිව නොහැක. මෙසේ සමාජීය අදහස් පිළිබඳව කරන ලද විශ්ලේෂණය ආරම්භ වන්නේ, සුළුතරයකට ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් නිසි තැන ලබා දීමට අපොහොසත් වීම විස්තර කරන, සමාජ ගුප්ත කේතනය ලෙස හැඳින්වෙන, ඊටත් වඩා […]
මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ලසිත් මාලිංගට මෙවර එම තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා. මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකරුවා වන ආකාශ් අම්බානි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ ඔහු වෙනුවට ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එකතු වන බවයි. පෞද්ගලික හේතු මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි නොවන බව කියමින් ලසිත් මාලිංග මීට දෙසතියකට ඉහතදී […]
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණා.
මේ වන විට දිනෙන් දින ලෝකයේ පිළිකා රෝගීන් ගණන ඉහල යමින් පවතිනවා. වයස් සීමාවකින් තොරව හට ගැනෙන මෙම මාරාන්තික රෝගය සුව කිරීමට සමත් ඖෂධයක් නිශ්චිතවම මේ වන තෙක් වෛද්‍යවරුන් සොයාගෙන නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන් දිනකට දහස් ගණනක් මෙලොව හැර යනවා. මෙවන් පසුබිමක ඕස්ට්‍රලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදු කල පරික්ෂනයකින් පියයුරු පිළිකා […]
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විටත් ගිනි ගැනීමට ලක් වන බවයි වාර්තා වෙනවා. මේ අනුව යම් හෙයකින් මෙම නෞකාවේ ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් තිබෙන බවයි පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරන්නේ. එපමණක් නොව මෙම නෞකාවේ ගබඩා […]
දිවයින පුරා අදත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසිබර කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. .
මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න”මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී
ජනතා අවශ්‍යතා වලට මුල් තැන ලබා දීම වෙනුවෙන් දිනයක සෑම විටම ජනතා වගකීම් සපුරාලීම සදහා මහත් කැපවීමෙන් කටයුතු කිරීම නිසා පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා. මෙලෙස ත්‍යාග ප්‍රධාන , විවාහ මංගල්‍ය , සාද වැනි උත්සව සදහා මෙලෙස ජනපති සහභගි වීම අපේක්ෂා නොකරන බවයි එම මාධ්‍ය අංශය වැඩි දුරටත් […]
කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම පිලිබදව නාරා ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගැඹුරු මුහුදේ ජල සාම්පල හා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලින් සහ බෝටුවල ගෑවී ඇති නානුමය ගතියක් ඇති එම ද්‍රවයන් ද එම ප්‍රදේශ වල දී අල්ලාගත් මසුන් ගේ කරමල්ද මෙලෙස පරීක්ෂණ කටයුතු සදහා යොදවා […]
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද සහ හෙට දිනයන්හි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවනු ලබන බවයි. මෙලෙස ජලය අත් හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ කොළඹ 12 , 13 , 14 15 යන ප්‍රදේශයි.
තරුණියකගේ මුඛයෙන් අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙන පුවතක් රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයකදී නිදාගෙන සිටි තරුණියක් අවදි වීමෙන් පසු ශරීරයේ ඇති අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඇයට ශල්‍යකර්මයක් සිදු කොට තිබෙනවා. මෙහිදී ඇයගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා […]