ශ්‍රී ලංකවේ 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම පැවතෙන කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් සදහා නව සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ඉන් පළමු එක නම් සෑම මන්ත්‍රීවරයෙක්ම මුහුණු ආවරණයක් පැළදිය යුතුය යන්නයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී […]
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ ඇති නෞකාවේ උඩු රැවුලකින් යුත් නයිට්වරයකු නිරූපණය කරයි. නයිට්වරයාගේ දෑස් තුළ දුර බැල්මක් ඇත. මෙම ලී ප්‍රතිමාව නම් ලෝකයේ ඈත කෙළවරට ගමන් කිරීම, සමුද්‍ර විද්‍යාව නැවත සකස් කිරීම, සියලු ආකාරයේ දිය යට සිදුවීම් සොයා ගැනීම සහ සාගර සමඟ සම්බන්ධතාවය පිලිබඳ අධ්‍යනයන් වෙනස් කල යාත්‍රාව වන එච්. එම්. […]
ඉතිහාසය හා ප්‍රේමවෘතාන්තය එකට බද්ධ කරමින් තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයෙන් හා සුනිල් ආරියරත්නයන්ගේ හා එච් ඩී ප්‍රේමසිරි මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් ඩබ්ලිව් ඒ සිල්වා මහතා අතින් රචිත නව කතාවක් වන විජයබා කොල්ලය නම් සිනමා සිත්තම මෙරට පළමු ත්‍රිමාණ තාක්ෂනය උපයෝගී කරගත් සිනමා නිර්මාණයයි. මෙහි ප්‍රධාන චරිතයන් සදහා රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ හේමාල් රණසිංහ, අෂාන් ඩයස් […]
මේ වන විට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ සිටින බොහෝ දෙනා කායිකව මෙන්ම මානසිකව ද සෞඛ්‍ය අතින් පිරිහීමට ලක්ව තිබෙනවා. මේ අතර මෙම තත්වය වැඩියෙන්ම තිබෙන රට වන අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමාගේ බිරිද වන මිචෙල් ඔබාමා ද යම් මානසික ගැටලුවක මේ වන විට ලක්ව තිබෙන බව එරටින් වාර්තා වෙනවා. හිටපු ජනපති […]
දකුණු කොරියාවේ නව කොරෝනා ආසාදිතයන් 197ක් ගෙවී ගිය දිනයේ වාර්තා වී ඇති අතර එය සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගත් රෝගීන් වනවා. කොරියාවේ රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව මෙම නව කොවිඩ් 19 ආසාදිතයන් සමඟ රටේ සමස්ථ ආසාදිතයන් සංඛයාව 15,515ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර එරට මරණ සංඛයාව 305ක් ලෙස වාර්තා වී තිබෙනවා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ අතුරුගිරියේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා. ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සැකකරු සමඟ තිබී 18g ක මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍යංශය දියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් පිලිබදව සති තුනක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම සියලුම අමාත්‍යංශයවල ප්‍රගතිය පිලිබදව මාස හයකට පසුව වාර්තාවක් කැදවීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. එපමණක් නොව අමාත්‍යාංශවලට දී ඇති ඉලක්ක සපුරාලීමට කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා අසමත්ව ඇත්නම් […]
අපේ ජන බල පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු ආසන සඳහා මන්ත්‍රීවරුන් ලබන 20වෙනිදාට පෙර නම් කල යුතු බව පාර්ලිමේන්තු මහ ලේඛම් දම්මික දසනායක මහතා පවසනවා. එසේ ලබා දීමට නොහැකි වුවහොත් එම පක්ෂ වලට අයත් ආසන හිස්ව තැබීමට ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් […]
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ආසාදිතයින් ගණන 170,000 සිමාව ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 5,402,803 ක්. ඊයේ දිනයේ පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා තිබෙනවා.
රැකියා සඳහා තෝරාගෙන තිබෙන උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය මේ වන විට රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙබ් අඩවියේ ඇතුලත් කර තිබෙනවා. මේ අනුව තෝරාගන්නා ලද රැකියා ලාභීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව රජය වැඩි දුරටත් සදහන් කළා.
මෙරට කොරෝනා වෛරසය පාලනය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මේ අනුව රජයේ සහ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බවයි පැවසෙන්නේ.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් හැරුණු විට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.