ආදිවාසී දිනය සැමරීමේ ජාතික උත්සවය අදට යෙදී තිබුණ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වායෙන් එම උත්සවය පැවැත්වුණා. මේ සඳහා වාකරේ, රතුගල සහ හේනානිගල ආදීවාසි ගම්වල නායකයින් ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබෙනවා.
මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදීසිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයිනේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර දිවයිනට පැමිණිමෙන් පසු එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා.
එක්සත් රාජධානියට අයත් ‘අයිල් ඔෆ් වයිට්’ දූපතෙන් නව ඩයිනසෝර විශේෂයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මීට වසර මිලියන 115 කට පෙර ජීවත්ව සිට ඇති අතර දිග අඩි 13 ක් දක්වා වූ බවට ගණන් බලා තිබෙනවා. මොවුන් ‘Vectaerovenator inopinatus’ ලෙස නම් කර තිබෙන අතර, ටී රෙක්ස් නම් ඩයිනසෝරයන් කණ්ඩායමට අයත් වන බව සඳහන්. මොවුන්ගේ සමහර ලක්ෂණ […]
20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව මංගල රැස්වීමේ කටයුතු පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි. එහිදී කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම ඇතුළුව අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම සිදුකිරීමට […]
සැම්සුන් හි ශ්‍රී ලංකා කලමනාකර අධ්‍යක්ෂ කෙවින් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වනදා ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු සැම්සුන්ග් සමාගමේ නව නිෂ්පාදන 05 ක් මෙලෙස වෙළෙදපොළට හදුන්වා දී තිබෙනවා. මේ අනුව එනම්, ගැලැක්සි නෝට් 20 , නෝට් 20 අල්ටර 5ජි , ගැලැක්සි ටැබ් එස් 07 සහ එස් 07 ප්ලස් , ගැලැක්සි බඩ්ස් ලයිව් සහ බඩ්ස් […]
දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන අතර 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර තිබෙනවා.
මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 2890 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ විදේශයන්හි සිට පැමිණි සිව්දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට ඊයේ (15) දින හදුනා ගැනීමත් සමගයි. අදාළ පුද්ගලයින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තුර්කිය සහ මාලදිවයිනේ සිට පැමිණි අය වෙයි. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 213කි.
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා. එමෙන්ම තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලබන බවයි. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද සදහන්. […]
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබමින් ඊයේ නිවේදනය කර ඇති අතර 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි. පැය 19.29 එනම් රාත්‍රී 7.29 සිට මා විශ්‍රාමිකයකු ලෙස සලකන” ලෙස පවසා තිබෙනවා.
විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන් දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සියලුම විශ්වවිද්‍යාල හෙට ආරම්භ කෙරෙන බවයි.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින අතර කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වදී දුරටත් සදහන් වෙනවා. එමෙන්ම උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල […]
කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල් අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 300 කට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන් අද (15) අළුයම ඩුබායි, කටාර්, මුම්බායි හා ලෙබනන් සිට දිවයිනට පැමිණියා. ඒ අනුව, ලෙබනන් බේරූට් හි සිට ශ්‍රී ලාංකිකයින් 245 දෙනෙකු හා අබුඩාබි, දෝහා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා. මීට අමතරව තවත් […]