News Line| Off Air
Generic placeholder image

May
22

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මස තෙක් දීර්ඝ කරයි

Generic placeholder image

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා. කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා. එමෙන්ම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි මාසය දක්වා දීර්ඝ කර ඇති අතර එරට පාසල් ජූලි මාසයේදී නැවත විවෘත […]


May
22

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 05 ක්. ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින්ගෙන් 431 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 620 ක්. එමෙන්ම මෙරට කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින් […]


May
22

පාසල් යළි විවෘත කරන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. කෙසේ වෙතත් පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති […]


May
22

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්

Generic placeholder image

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සිල් සමාදම් වීම පැවැත් වීමට නියමිතයි. පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම […]


May
22

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

Generic placeholder image

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇතැයි සදහන්. කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඒ320 වර්ගයේ මෙම යානය කඩා වැටී ඇති අතර මෙම අනතුරුට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම ගුවන් යානයේ […]


May
22

දිස්ති‍්‍රක්ක 07 කට නාය යාම් අනතුරු ඇගවීම්

Generic placeholder image

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය යන දිස්ති‍්‍රක්ක වලට මෙලෙස නාය යාම් පිලිබද අනතුරු අගවා තිබෙනවා. පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. […]


May
22

අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94000 දක්වා ඉහලට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන ඊයේ දිනයේදී 94,600 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම එරට ආසාදිතයින් 1,576,000 ක් හදුනාගෙන තිබෙන අතර කෙසේ වෙතත් එවන් පසුබිමක රටේ ප්‍රාන්ත 50ක සංචරණ සීමා අර්ධ වශයෙන් ලිහිල් කිරීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා.


May
22

ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(23) රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි […]


May
22

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් ගණන 528ක්

Generic placeholder image

මාර්තු මස 20 වන දින සිට අද(22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,621 ක් බව පොලීසිය පවසනවා. එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322කි.මේ අතර ඊයේ(21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 528 ක් හා වාහන 150ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම […]


May
22

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්න

Generic placeholder image

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි. දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවද එම මණ්ඩලය සදහන් කළා.


May
22

කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

ඊයේ(21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ. මේ අනුව ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නවික හමුදා සමාජිකයින් වෙයි. ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය […]


May
22

මාළිගාවත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ සිද්ධිය පිළිබද අත්අඩංගුවටගත් පිරිස නිරෝධායනයට

Generic placeholder image

ඊයේ මාළිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් රෝගතත්වය හේතුවෙන් මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරිමට නියමිත බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post