වත්මන් මගී අවශ්‍යතාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සමීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. එහි සභාපති නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, සියලුම දිස්ත්‍රික් හා පළාත් ආවරණය කෙරෙන පරිදි මගීන් 2000 ක් පමණ යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කෙරෙන බවය.
පසුගිය සති 6 ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂණයට ලක් කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු කළ PCR පරීක්ෂණ ප්‍රමාණය 50,000 කට අධිකය.මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ […]
අද සහ හෙට දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද සහ හෙට දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කළ බවය. ඒ අනුව කොළඹ සහ ගම්පහ ඇතුළුව දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති. පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ […]
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේ ය. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ මාසයක උපවාසයකින් අනතුරුවය. මේ අතර අතිශය සංකීර්ණ, එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් […]
රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි
දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඊයේ(23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර එය ලබන අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ පමණක් සියළු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව […]
අද(23) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 13 දෙදෙනකු හඳුනාගැනිමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ හඳුනාගත් […]
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ. හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින […]
හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දින දෙක තුළ දිවයින පුරා මාර්ග බාධක 900ක් යෙදවිමට කටයුතු කරන බව පොලසිය පවසයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8.00 සිට බලාත්මක […]
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් පිරිසකගේ ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් නිළධාරීන් පහත පරිදි වේ.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 13 ක්.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි මිල රුපියල් 137 ක්.