News Line| Off Air
Generic placeholder image

May
25

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑමට ඉන්දියාව ද මුහුණ දෙමින් පවතින අතර ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 138,000 කට අධිකයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 4,024 ක්. කෙසේ වෙතත් අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමටයි ඉන්දීය රජය පියවර ගෙන තිබෙන අතර ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ගුවන් […]


May
25

කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කෙරේ

Generic placeholder image

කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අන්තර් පළාත් බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ […]


May
25

ඉදිරි දින තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවයි. කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරන […]


May
25

දුම්රිය ආසන 16,000ක් Online ඔස්සේ වෙන් කෙරේ

Generic placeholder image

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් 16,000ක් online ඔස්සේ ආසන වෙන්කර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන් පොල්වත්තගේ මහතා පැවසුවේ ඉදිරි දිනවල රාජකාරි කටයුතු සඳහා පැමිණීම වෙනුවෙන් අදාළ පිරිස ආසන වෙන්කරගෙන ඇති බවයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්.පණ්ඩුක මහතා පැවසුවේ හෙට සිට දිවයිනපුරා ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි. මේ […]


May
25

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර

Generic placeholder image

කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහා හෙට සිට අවසර හිමිවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ඒ සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහායි. සෞඛ්‍ය අංශ විසින් නිකුත් කල නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් එම සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


May
25

පාසල් නැවත ආරම්භ කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජන් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක් සකස් කිරිම මෙහි ප්‍රධාන අරමුණ බවයි. කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු […]


May
25

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් […]


May
25

මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට

Generic placeholder image

අද(24) දිනයේ රාත්‍රී 11.00 වන විට නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


May
24

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා ආරම්භ කිරීමට පියවර

Generic placeholder image

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා අනිද්දා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. නිවේනදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව බවයි. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ […]


May
24

කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද සහ හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද හා හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ, සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය.


May
24

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 54 ඉක්මවා තිබේ. අද වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 54 ලක්ෂ 3,979ක් ලෙස දැක්වෙන වන බව විදෙස් වාර්තා පවසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17 ලක්ෂයකට ආසන්න වෙයි. මේ


May
24

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි […]


News Articles
Latest Videos
Most Popular Post