ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 සොයාගෙන තිබෙනවා.
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි. අද(26) පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව වාර්තා වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා […]
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුයේ 405 ක් පමණ ප්‍රමාණයක් වන බවත්, පසුව නාවික සෙබලුන් 619 කට කොරෝනා […]
ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට […]
දිවයින ආසන්නයේ පහල වායුගෝලය කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එමෙන්ම දිවයින වටා තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකි බවත් එම […]
පාසල් ආරම්භ කිරිම සඳහා සැලැස්මක් සකස් කිරිම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද(26) දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම සාකච්ඡාව සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් […]
කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද(26) අවසර හිමි වෙයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය. එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු […]
අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත. නමුත් කොළඹ […]
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඒ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟින්. අවසන් වරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් 14 දෙනා කුවේට් සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.
මෙරට දසවන කොරෝනා මරණය වාර්තා වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන […]
ළගදි විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සුදානම් කරන්නේ නම් ඒ සදහා සහභාගී විය යුතු උපරිම ආරාධිතයින් ගණන 100 කට සිමා කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අංශ අවධාරනය කර සිටින්නේ.
හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය අංශ නියම කර ඇති පිළිවෙත් වලට අනුගත විය යුතු බවත් විෂබීජ හරණය, මුඛආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ […]