News Line| Off Air
Generic placeholder image

May
27

කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පසුගිය 25 දා තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය. එමෙන්ම ඊයේ උදෑසන 10 […]


May
27

දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අවදානම් නිකුත් කරයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


May
26

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හදිසි හෘදයාබාදයක් හේතුවෙනුයි.


May
26

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම අසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවෙට් සිට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඉතිරි ආසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් අතරින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.


May
26

අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළදීම අනතුරුදායකයි

Generic placeholder image

වයස අවුරුදු 2 ට අඩු දරුවන් සඳහා මුහුණු ආවරණ පැළදීම සිදු නොකළ යුතු බව ජපාන ළමා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වාදෙන්නේ මුහුණු ආවරණ පැළදීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැකි බවයි. මේ හේතුවෙන් කුඩා දරුවන් ශ්වසන අපහසුතාවලට ලක්විය හැකිබව එම විශේෂඥයින් අනතුරු අඟවා ඇත. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ මුහුණු ආවරණ පැළදීම මේ වන විට […]


May
26

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

Generic placeholder image

මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අද (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි. ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව […]


May
26

ලංකා ඛනිජතෙල් සංස්ථාවට බිලියන 45ක පාඩුවක්

Generic placeholder image

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය. විශේෂයෙන් […]


May
26

Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

Generic placeholder image

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල […]


May
26

කොරෝනා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම් අත්හිටුවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසට ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් නමැති ඖෂධය අත්හදා බැලීම් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඊයේ දිනයේ මේ බව දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය සුදුසු බවට මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව […]


May
26

සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ

Generic placeholder image

සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.


May
26

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්ය නොවන බව රජය පවසයි

Generic placeholder image

අද සිට රට පුරා ඇදිරි නිතිය ලිහිල් කලද සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරනවා. හැකිතාක් සේවකයින් සිමා කර රැකියාවට කැඳවීමට අදාල ආයතන ප්‍රධානීන්ට අවසර තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා. රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම තව දුරටත් කල […]


May
26

ජනාධිපති ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Generic placeholder image

ඇඳිරි නීතිය ලිහිල් කෙරුනද මහ ජනතාව සෞඛ්‍ය අංශයෙන් විසින් නියම කරන ලද පිළිවෙත් වලට අනුගත වී සිය එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් ආර්ථිකය නැවත නගාසිටුවීම සදහා දායක වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. දින 66කට පසු දිවයිනේ පුරා අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post