මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට වාර්තාවෙන නව රෝගීන් ගණන 134ක්.
තවත් නාවික හමුදා සමාජිකයෙකුට COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1371ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අද(27) උදෑසන 10.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි.
සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතා සිය නීතිඥවරයා හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙත එන්තරවාසියන් යවා ඇති අතරඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයා වන ප්‍රබුද්ධික තිසේරා මහතා නිකුත් කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ , හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 21 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහ සාමාජ ජාලා යොදා ගනිමින් සිය සේවාදායකයා වන සංගීතවේදි ඉරාජ් […]
සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව ඉකුත්දා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා. ඒ මහතාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිඅත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. නියෝග
පේදුරුතුඩුව – වල්ලිපුරම් – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධයක් අසළ සිදුවූ සුළු පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබෙනවා.මේ සම්බන්දව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ වැලි ප්‍රවාහනය කරන රථ පරීක්ෂා කිරීම සඳහා යොදා තිබූ පොලිස් මාර්ග බාධයක් අසළ අද උදෑසන මෙම පිපිරිම සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, පිපිරීම සිදුවූ […]
මාර්තු මස 20 වන දින සිට අද(27) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18 695 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි. මේ අතර ඊයේ(25) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය […]
කොරෝනා වෛරසය හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස ධාවනයට එක් කෙරුණා බවයි පැවසෙන්නේ.
ටැක්සි සංගීත කණ්ඩායමේ නවතම ගීතය පසුගිය දවසක සමාජ මාධ්‍යන්ට මුදාහැරලා තිබුණා. මේ ගීතය නම් කරලා තියෙන්නේ ඉස්කෝලේ කියන නමින්. අපේ මතකයන් ඉක්මණටම අපේ අතීතයට ගෙනියන්න පුළුවන් මේ ගීතය ලියලා තියෙන්නේ ඕනීෂ් දි මෙල් විසින්.දවසෙන් දවස වෙනස් නිර්මාණයන්ගෙන් රසිකයන් අතරට එන ටැක්සි සංගීත කණ්ඩායමේ එම ගීතය පහතින්…
මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල තත්වය සැලකිල්ලට ගනිමින් අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ. එමෙන්ම ලබන මාසයේ සිට සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සදහන් වෙනවා.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල, […]
මෙරට තුළ එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(26) දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1319 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් […]
අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එරටින් අද වන විට පුද්ගල මරණ 100580ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරටින් ගත වූ පැය 24 තුළ මරණ 775ක සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.