අම්ෆන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංගලාදේශයට ඇතුළු වී තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙරළබඩ ප‍්‍රදේශයට දැඩි සුළං සහ වැසි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුළි කුණාටුවේ බලපෑම පිලිබද අනතුරු ඇගවීම හේතුවෙන් වෙරළබඩ ප‍්‍රදේශ වල ජීවත් වන මිලියනයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. 1999 වසරේ ඉන්දියාවට දැඩි බලපෑමක් […]
කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම වැඩිදුර විභාගය සදහා හෙට පෙරවරු 10 තෙක් කල් තබා තිබෙනවා.
නව කොරෝනා වෛරස රෝගයට ගොදුරු වීමෙන් පසු සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව රෝහල්ගත වූ රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින්, සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇති බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පවසනවා.රෝහලෙන් පිටව යෑමෙන් අනතුරුව අගමැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත රැස්වීමක් පවත්වා ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාවක් සඳහා සූදානම් […]
කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබෙනවා. මෙම කර්මාන්යට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපන, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්‍රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළ යුතු […]
ආසාධිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලුතින් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ හදුනාගත් එම ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙනවා. මෙරට කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින් අතරින් 569 ක් පූර්ණ සුවය ලබා රෝහල් […]
අවදානමක් නොමැති දිස්ති‍්‍රක්ක හා පළාත් අතර පොදු මගීබස් රථ ධාවනයට අද අවසර ලැබෙන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පැවසුවා. මෙලෙස මගී බස් රථ ධාවනය වුවද ඒවායේ ගමන් කිරීමට හැකි වන්නේ අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් බවත් බස් රථ තුළදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම අනිවාර්ය බවත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. කෙසේ වෙතත් කොළඹ, […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට වාර්තා වී ඇති ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 569 ක්. මෙරටින් කොරෝනා ආසාධිත මරණ 09 ක් වාර්තා වනවා.
දිස්ති‍්‍රක්ක කිහිපකයට අද මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නුවරඑළිය, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්ක වලට එලෙස වර්ෂාපතනය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙරට තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.
ශී‍්‍ර ලංකාවේ කොරෝනා වැළදුනු වයස්ගතම ආසාධිතයා වූ 96 හැවිරිදි කාන්තාවද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. බේරුවල සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකෙරුණු ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණු අතර පාචන තත්ත්වයක් හේතුවෙන් පසුව අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා තිබුණා.
තවත් කොරෝනා ආසාධිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.