News Line| Off Air
Generic placeholder image

May
19

රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනපති කියයි

Generic placeholder image

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය […]


May
19

අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුරේ දෙදෙනෙක් මිය යයි – බලන්ගොඩ නගරය ජලයෙන් යටවෙයි

Generic placeholder image

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදු වූ අනතුරු හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශයේ නිවසක කොටසක් නායයාමකට ලක්විමෙන් පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා. පස්කන්දට යටවී සිටි 09 හැවිරිදි එම දරුවා රෝහල් ගත කිරිමේදී මියගොස් තිබෙනවා. රත්නපුර, ලෙල්ලොපිටිය ප්‍රදේශයේදී නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවක් මියගොස් […]


May
19

නිරෝධායනය අවසන් කළ තවත් 98ක් පිටව යයි

Generic placeholder image

නිරෝධායනය සාර්ථකව අවසන් කළ පිරිසක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පිහිටවනු ලැබු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව ගොස් තිබේ.


May
19

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 209ක්

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කළ පී.සී.ආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ. මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු අයි.ඩී.එච් […]


May
19

පස් කදු කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබෙනවා.


May
19

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට

Generic placeholder image

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව යුධ හමුදා නිලධාරින් 177 දෙනෙකුට උසස්විම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම උසස්විම් ලැබූ පිරිස අතරට මේජර් ජෙනරාල්වරුන් 05 දෙනෙකු ද අයත් වන බව යුධ හමුදාව සඳහන් කළා. ඒ අනුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල […]


May
19

සුවය ලැබූ ආසාධිතයින් 569 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොවිඩ් 19 ආසාධිතයින් 10 ක් පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.


May
19

අසල්වැසි ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 4000 කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගැනීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 328 ක් වන බව සඳහන්. […]


May
19

දිස්ති‍්‍රක්ක 10 කට පැනවූ නායයාමේ අවධානම තවදුරටත් දීර්ඝ කරයි

Generic placeholder image

රත්නපුර, ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය ඇතුළු දිස්ති‍්‍රක්ක 10 කට පැනවූ නායයාමේ අවධානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප‍්‍රකාශ කළා.


May
19

කොණ්ඩේ වෙනුවට රැවුල කැපු බාබර් සාප්පුව මුද්‍රා තබයි

Generic placeholder image

නිරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක් මුද්‍රා තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ(18) දින කටයුතු කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබා ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරවිටාගාරය – වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක්. මෙම ස්ථානය විවෘත කිරීමට අවසර ලබා දුන්නත් එහි රැවුල කැපීමට අවසර […]


May
19

කළු ගග පිටාර මට්ටමට – එහි අවට පහත්බිම් වල වෙසෙන්නන්ට උපදෙස්

Generic placeholder image

කළු ගග පිටාර මට්ටමට පැමිණීම නිසා රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල, ඇලපාත යන ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාස වල පහත්බිම් වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


May
19

මංගල සමරවීම දෙවන දිනටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Generic placeholder image

ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදවා ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කළ සිද්ධියට අදාළව හිටපු ඇමති මංගල සමරවීර දෙවන දිනටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post