නිරෝධායනය තවත් සාමාන්‍ය පුද්ගලයින් 98 දෙනෙකුම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. නාවික හමුදාවේ පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් මෙලෙස නිරෝධායනය වී පිටව ගිය බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
තවත් කොරෝනා ආසාධිතයන් 11 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසන් වරට වාර්තා වූ ආසාධිතයින්ගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර රෝහල්ගතව සිට ප‍්‍රතිකාර ලැබූ තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව […]
රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙන අතර ජාතික පොසොන් සතිය ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
යුද ජයග්‍රහණයේ 11වැනි සැමරුම අදට යෙදී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදත් දිවයින පුරා මිලිමීටර 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අම්ෆන් සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට […]
කොවිඩ් 19 වසංගතයත් සමඟ ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ ද […]
විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශක් සිදුකරමින් මේ බව සඳහන් කළා. තාම ඉගෙනුම ලබන්නේ බෙලරූස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයක් තුළ […]
ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම පෙත්සම එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]
රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා […]
තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.
මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද(18) එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 22 ක් මෙලෙස අද ඉන් පිටව ගිය අතර මෙම පුද්ගලයින් සියළු […]
ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය රත්නපුර, කොළඹ, මාතර , මාතලේ , මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.