කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ අද උදෑසන ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන්. කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටි තිබෙන අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 69 ක් ලෙස සදහන් වෙනවා.
චීනයේ ජනාධිපති ෂි ජිං පින්ග් අද නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම ෂි ජින් පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිත බවත් වාර්තා වන අතර ක්‍රමයෙන් චීනයේ වුහාන් නගරයේ වෛරසය ව්‍යප්ත මට්ටම අඩු වී ඇති බව […]
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි 181 ක් දෙනෙක් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව වාර්තා වෙනවා. එමෙන්ම මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු […]
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික වෛරස තත්වය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 4,000 ඉක්මවා තිබෙනවා. නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්. නව කොරෝනා වෛරසය යුරෝපය තුල පැතිර යෑමෙන් අනතුරුව මෙය ගෝලීය වසංගත තත්ත්වයක් […]
ඉතාලිය සංචාරක සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් ඇතුළු රටපුරා ක්‍රියාත්මක හදිසි තත්ත්වය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය තවදුරටත් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මීට අමතරව රට අභ්‍යන්තර ගමනා ගමනයද සීමා කර ඇති බව එරටින් වාර්තා වෙනවා.
පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයසහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට අද පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ලකුණ වෙනස් කිරීමට අවශ්‍ය දේශපලන පක්ෂවලට අද දිනය තුල එම කටයුතු සිදු කර ගත හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා සතියක කාලයක් තුල මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ලකුණ වෙනස් කරන දේශපාලන පක්ෂ වලට ඒ සදහා සතියක කාලයක් ලබා දුන්නේ මැතිවරණ පනතට අනුවයි. මහ මැතිවරණය සදහා මේ වන විට ස්වාධින කණ්ඩායම් 24ක් ඇප […]
එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තේරුම් කමිටු සභොඅථි අසන්තද මේල් මහතා සදහන් කලේ සංචිතය නම් කොට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අනුමැතිය සදහා යොමු කර ඇති බවයි. කුසල් ජනිත් සහ වනිදු හසරංගට එම තරගාවලිය අහිමි වී තිබෙනවා ඒ කොදෙව්වන් හා පැවතී […]
මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙලෙස රන් මිල වාර්තාගත ලෙස ඉහල ගොස් තිබෙන්නේ වසර 07කට පසුව බව සදහන් වෙනවා. මිට හේතු වී තිබෙන්නේ කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ රත්‍රං වැඩි වශයෙන් ආයෝජකයන් මිලදීගැනීමට පෙළඹීමයි.
වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී තිබෙනවා.ඒ වාර්තාගත ලෙසටයි. විශේෂයෙන්ම 1991වසරෙන් පසු මෙලෙස වාර්තා ගත ලෙස බොරතෙල් මිල ගණන් පහල වැටුණු පළමු අවස්ථාව ලෙස හැදින්වෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක් සහ අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක විකුණුම් මිල සටහන් වුයේ ඩොලර් 30 […]
නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ගතවූ පැය 24 තුළදී වාර්තාවූ මරණ 133ක් සමගින්ය. මේ අතර වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් සෞදියේ කාතිෆ් කලාපය වසාදැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 7375 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ,ගතවූ පැය […]