ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් හිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කළා. කිසියම් ත්‍රස්ත සංවිධානයකට අයත් පිරිසක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරායාමට ලක්ව ඇති බව සදහන්. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සිදුකරන්නට ඇති […]
යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා. සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමාගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්. සැණකෙළිය අතරතුර […]
ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තා වෙනවා. 2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ. මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ […]
මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමේ අරමුණින් මියගිය සහ විදේශගත ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද දායකයන් අතුරින් අද දිනය වනවිට මියගොස් හෝ විදේශගතව සිටින ඡන්ද දායකයන් සම්බන්ධ තොරතුරු ලබන 14 වන දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වෙත දැනුම් දෙන […]
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට පත් 64 දෙනා මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සි එම් රිස්වාන් මහතාගේ නියෝග මතයි.
රවී කරුණානායක අර්ජුන ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සම හෙට (11) පෙරවරුවේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී ඇත. මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු […]
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප ලබාදිම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම පිරිස ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. එමෙන්ම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට […]
නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.
බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කර තිබෙනවා. ඒ එක්දින නායකත්වයෙන් ඉවත් වූ මෂ්රෆි මොටාසා වෙනුවටයි. ඒ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කළ මෙටාසා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්. ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙන්ය.
ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. එම පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය […]
දිවයිනේ පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව දැනුම් දෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, දකුණ, සබරමුවේ ඇතැම් ප්‍රදේශ වලටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් වඩා උණුසුම් කාලගුණයක් පවතින බව පැවසෙනවා. ඒ අනුව මේ පිලිබදව ජනතාවට පුර්ව දැනුම් දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.