News Line| Off Air
Generic placeholder image

Mar
9

කොරෝනා ව්‍යාප්ත වූ රටවල සිට පැමිණෙන පුද්ගලයින් අද සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Generic placeholder image

කොරෝන ව්‍යාප්ත වූ රටවල සිට පැමිණෙන පුදගලයින් අද සිට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව ඉරානය, ඉතාලි සහ ද. කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කරනු ඇති.


Mar
9

දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තිරණය කරයි

Generic placeholder image

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ වේගයෙන් ව්‍යප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන්. සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසුවේ.


Mar
8

චීන ජනපති ආර්යාවගේ පිළිතුරු ලිපිය දේවි බාලිකා සිසුවියන් අතට (photo)

Generic placeholder image

නව කොරෝනා ආසාදනයෙන් පිඩාවට පත්ව සිටින චීනයට සහනය සහය පල කරමින් කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය පිළිතුරු ලිපියක් ඒවා තිබෙනවා. චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සදහන් කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති ආර්යාවගේ ඇගයීම් හා සුබ පැතුම් පණිවුඩය මෙහිදි හූ වෙයි […]


Mar
8

ශ්‍රී පාදය – නල්ලතන්නි මාර්ගයෙන් ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 ක් සොයා ගනී

Generic placeholder image

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස තුන හමාරක කාලයක් ගත වී තිබෙන අතර ඒ අනුව නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් රැගෙන ගිය ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 සොයා ගත් බව මස්කෙළිය ප්‍රාදේශිය සභාව සදහන් කරනවා. මෙලෙස දිරාපත් නොවන ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට මුදා හැරිම හේතුවෙන් අති සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතයට […]


Mar
8

කොරෝනා නිසා පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් අවලංගු කෙරේ

Generic placeholder image

කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ති වීම හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් රැසක් අවලංගු කර තිබෙන බව එරටින් වාර්තා වෙනවා. මේ වන විට ලොව පුරා රටවල් රැසක්ම නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම වැලැක්වීම අරමුණු කරගනිමින් මෙලෙස එම වැඩ සටහන් අවලංගු කර තිබෙනවා. යුරෝපයෙන්ද මේ […]


Mar
8

විග්නේශ්වරන් මාළුවා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට

Generic placeholder image

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා සදහන් කරන්නේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරග කිරීමට නියමිත බවයි. ඊට පෙර මුට්ටිය ලකුණින් තරග කිරීමට සුදානම් වී සිටියද තම නව සන්ධනයේ ඉල්ලීම පරිදි මාළුවා ලකුණින් තරග කිරීමට තීරණය කල බව හිටපු අමාත්‍යවරයා වැඩි දුඅරත් සදහන් කළා.


Mar
8

කොරෝනා මරණ සංඛ්‍යාව 3598 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ ගණන 3598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වන විට රටවල් 93 කින් කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන තිබෙන අතර ආසාදිතයන් පිරිස ලක්ෂය ඉක්මවා තිබෙනවා. චීනයට අමතරව දකුණු කොරියාවෙන් මරණ 47 ක් සහ ජපානයෙන් මරණ 13 ක් කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී තිබෙන ඉරානයෙන් මරණ 145 […]


Mar
8

වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වෙයි

Generic placeholder image

තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් සති 06 ක් පමණ කාලයක් කි‍්‍රඩා පිටියෙන් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඉකුත්දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා. එමෙන්ම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම […]


Mar
8

ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බව එරට රජය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉතාලියේ ලොම්බාඩි කලාපය ඇතුළු එරට පළාත් 11 ක වෙසෙන මිලියන 10 ක පුද්ගලයින් මෙලෙස නිරෝධායනයකට ලක් කිරීමට පැවසෙන්නේ. එම පළාත්වල තිබෙන ජනතාව වැඩි වශයෙන් ගැවෙසන පොදු ස්ථාන වසා දැමීමටද […]


Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඇය දිරිමත් – රට සවිමත් යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය නම් කර තිබෙනවා. කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවත් ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ […]


Mar
8

අදත් පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

අද දිනයේදී බස්නාහිර, සබරගමුව ,දකුණු පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිලිබදව වඩා අවධානය යොමු කළ යුතු බව සදහන් කරන එම දෙපාර්තුමේන්තුව හැකි තරම් ජලය පානය කිරීම, දැඩි වෙහෙසකාරී කටයුතු වලින් විවේක ගැනීම, සැලකිලිමත් වන ලෙස කාලගුණ […]


Mar
7

බැදුම්කර වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ […]


News Articles
Latest Videos
Most Popular Post