News Line| Off Air
Generic placeholder image

Jan
14

හමුදාව හැරගිය සාමාජිකයන්ට පොදු සමා කාලයක්

Generic placeholder image

2019 වසරේ සැප්තැම්බර් මස 30 වනදාට පෙර හමුදාව හැරගිය හෝ නීත්‍යානුකූලව ඉවත් නොවූ සාමාජිකයන්ට යළි සේවයට එක්වීමට පෙබරවාරි 5 වනදා සිට දින 7ක පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කළා. එහිදී සේවය හැර යෑමට හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව රට ජාතිය වෙනුවෙන් ‍සේවය […]


Jan
14

කාශ්මීරයේ හිම කඳු කඩාවැටීමෙන් පුද්ගලයින් 67 ක් ජීවිතක්‍ෂයට

Generic placeholder image

ගෙවුණු පැය 24 ක කාලය තුළ කාශ්මීරයේ හිම කඳු කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා. පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ පුද්ගලයින් 57 ක් සහ ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීර උතුරු ප්‍රදේශයේ දස දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, පාකිස්ථානයේ නීලම්වැලි ප්‍රදේශයට මේ වනවිටත් අධික […]


Jan
14

අසීරු ශෛල්‍යකර්මයන් සදහා ක්ෂුද්‍ර රොබෝවන් ලොවට හදුන්වාදෙයි

Generic placeholder image

රොබෝ තාක්ෂණය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරමින් ලොව පළමු ජෛවීය රොබෝවන් ලොවට හඳුන්වාදීමට විද්‍යාඥයන් පිරිසක් පසුගියදා කටයුතු කළා. ඉතා අසීරු ශෛල්‍යකර්මයන් සදහා මෙම නවතම ක්ෂුද්‍ර රොබෝවන් යොදාගත හැකි බව විදෙස් වාර්තා පවසනවා. සෙනෝබොට්ස් නමින්, ලොව පළමු සජීවී රොබෝවන් නිෂ්පාදන කිරීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. ස්වයංව සුවපත්වීමේ විශිෂ්ට හැකියාවෙන් යුත් මේ රොබෝවා සැලකෙන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක් […]


Jan
14

රන්ජන් රාමනායක අත්අඩංගුවට

Generic placeholder image

විනිසුරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයට අනුව මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jan
14

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

Generic placeholder image

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. අදාළ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ […]


Jan
14

සදුන් පෙරේරාගේ අලුත්ම ගීතය “ගොඩක් ආදරෙයි”

Generic placeholder image

ජනපි‍්‍රය ගායන ශිල්පී සදුන් පෙරේරාගේ අලුත්ම ගීතය වන “ගොඩක් ආදරෙයි” අද මාධ්‍ය වෙත මුදාහැරියා.


Jan
14

2020 වසරේ ඔස්කාර් නිර්දේශිත නම් ලැයිස්තුව මෙන්න

Generic placeholder image

මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ඊයේ(13) නිවේදනය කළා. සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙමින් ජෝකර් චිත්‍රපටය එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා. 92 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන මස 9වන දා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතයි. එහිදී සම්මාන ප්‍රදානය කිරීමට නිර්දේශිත නාමයන් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එම ලැයිස්තුවේ […]


Jan
14

සුනාමියේ අතුරු කතාවක් 16 වනදා සිට (Video)

Generic placeholder image

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය “සුනාමි” චිත‍්‍රපටය එළඹෙන ජනවාරි 16 දා සිට දිවයිනපුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. නිරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය […]


Jan
14

රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නියෝග

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.


Jan
14

ඉරාජ් වීරරත්නට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

Generic placeholder image

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. පසුගිය වසර කිහිපය පුරාම පැවති රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් සිදුකල අතර ඒ හරහා වර්ථමාන රජය බලයට පත්වීම සදහා විශේෂ පිටුබලයක් හිමිවුණා. ඒ […]


Jan
14

රාජිත CIDයට එයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද (14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇති බව වාර්තා ‌වෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින […]


Jan
14

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අහෝසියි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර මාස කිහිපයක් යනතුරු ඔහුට මාසිකව ගෙවීමක් සිදුකළ බව සදහන්. චන්දික හතුරුසිංහ සමග වන කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට අවසන් වරට පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් […]


News Articles
Latest Videos
Most Popular Post