News Line| Off Air
Generic placeholder image

Jan
5

උසස් පෙළ සමතුන් 45,000 කට සරසවි වරම්

Generic placeholder image

මෙවර උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45,000 ක පිරිසක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.


Jan
5

රංජන් අද අධිකරණයට

Generic placeholder image

ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මතයි. ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ මෙතුමා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ඒ මහතාව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට […]


Jan
5

ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්

Generic placeholder image

ඉරානයේ හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එමෙන්ම අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක්‌ ඉලක්ක කර ගෙන තවත් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර මිට අමතරව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා භට පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය […]


Jan
5

ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත ඉන්දු – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද ගුවාටිහි දී ආරම්භ වෙනවා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද මෙම තරගයට මුහුණ දෙන අතර 2020 වසරේ ශ්‍රී ලංකා කණඩායම සහභාගි වන පළමු තරගාවලියද මෙය වනවා. ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 7.00ට […]


Jan
5

මීගමුවේ ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රය ඇතුළු ප්‍රදේශ වලට හෙට දිනයේ උදැසන 09.00 සිට පැය 24 කාලයක් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසනවා.


Jan
5

පන්දහසක් වූ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් පැවැත්වූ විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය

Generic placeholder image

සම්බුදු සසුන චිර පැවැත්ම උදෙසා විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණා. මේ උතුම් අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප යන […]


Jan
5

අද පස්වරුවේ තද වැසි

Generic placeholder image

අදත් දිවයින පුරා ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇති විය හැකි දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ තද වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති වන […]


Jan
4

අධික වේගය නිසා පෙරලුන වට්ටක්කා ලොරිය

Generic placeholder image

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද දින අලුයම දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස් ගෝනියාව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බව දඹුල්ල පොලීසිය පැවසුවා. වට්ටක්කා පටවාගත් ලොරි රථය අධික වේගයෙන් ගමන් කරනවාත් සමඟ පිටුපස ටයර් දෙකක් පුපුරායාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා මෙසේ පෙරළී ගොස් තිබෙනවා. මෙම […]


Jan
4

ගුවන් යානා අනතුරින් මිය ගිය විරුවන්ගේ මරණ පරීක්ෂණ අද

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ‍ය් 12 වර්ගයේ ගුවන් යානය අනතුරට ලක්වී මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය අද (04) සිදු කිරිමට නියමිතව තිබෙනවා. මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර මේ වන විට බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (03) පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වුණා. […]


Jan
4

පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කරයි – දේශපාලකයන්ගේ රූපත් ඉවත් කරයි

Generic placeholder image

මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදල ඉහළ දමා තිබෙනවා. ඒ රුපියල් 525 සිට රුපියල් 735 ක් දකවායි. එමෙන්ම ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු වවුචර් පතේ හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබූ අතර මෙවර වවුචර් පතේ දේශපාලනඥයින් වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ […]


Jan
4

ත්‍රිරෝද රථ රියදුරන් පිලිබද ඇගයිමක්

Generic placeholder image

තිස් වසරක යුද්ධය නිමා කිරීම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන්ද අගයකළ යුතු නිහඬ සේවයක් ඉටු වු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කොළඹදී ඊයේ (03) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා. කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ ඔවුන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ බොරැල්ල ‍YMBA […]


Jan
4

ලැව් ගිනි හේතුවෙන් සිර වී සිටින පිරිස් මුදා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් සිර වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා එරට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරි ප්‍රාන්තයේ මල්ලකූටා නගරයේ පමණක් දහසකට ආසන්න පිරිසක් සිර වී සිටින අතර ප්‍රාන්තය පුරා 4000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේද මේ වන විට හදිසි තත්ත්වයක් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් පුද්ගල මරණ […]


News Articles
Latest Videos
Most Popular Post