News Line| Off Air
Generic placeholder image

Jan
4

‘‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’’ තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරෙයි

Generic placeholder image

‘‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’’ තේමාව යටතේ අභිමානවත් අන්දමින් 72 වන ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි. පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව සියයට 30 කින් අඩු කිරීමටත්, තේමාවට ගැලපෙන ලෙස සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා […]


Jan
3

ඇසෑම් ප්‍රාන්තයේ ජනතාවගේ අතමිට සරුකරන සැණකෙළිය

Generic placeholder image

ඉන්දියාවේ උතුරුදිග ඇසෑම් ප්‍රාන්තයේ පැවැති සැණකෙලියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දින 12ක් පුරාවට පැවැත්වෙන ද්විජින් සැණකෙලිය පසුගියදා ආරම්භ වූයේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදීයි. ආයි නදී ඉවුරේ පැවැත්වෙන මෙම සැණකෙලියට එක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ඇසෑම් ප්‍රාන්තය වෙත ඇදී එන බව විදෙස් වාර්තා පවසනවා. මෙම සැණකෙලිය සැලකෙන්නේ, ඇසෑම් ප්‍රාන්තයටම ආවේණික ආහාර වර්ග හා එහි […]


Jan
3

චූටියා එස්.ටී.එෆ් අත්අඩංගුවට

Generic placeholder image

අම්බලන්ගොඩ – වතුගෙදර – ආදාදොළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා. මොහු දැනට බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු සමග සමීප […]


Jan
3

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය ඔරුගොඩවත්ත සිට අංගොඩ හංදිය දක්වා හෙට තාවකාලිකව වැසෙයි

Generic placeholder image

ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඔරුගොඩවත්ත සිට අංගොඩ හංදිය දක්වා කොටස හෙට රාත්‍රී 10 සිට අනිද්දා උදෑසන 5 දක්වා වසා තැබෙනවා.


Jan
3

කොටස් හුවමාරුව විසින් හදුන්වා දුන් නවතම ජංගම දුරකථන යෙදුම

Generic placeholder image

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වා දී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලද අතර මේ තුලින් Android සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. නව මුහුණුවරකින් සහ […]


Jan
3

ගොවීන්ට අලුත් වී ප්‍රභේදයක්

Generic placeholder image

ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය, එල් – ඩී 253 නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී තිබෙනවා. මෙම ප්‍රභේදය මගින් හෙක්ටයාරයකට වී බුසල් 100 කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර, ඒවා වියළි සහ තෙල් කලාප වල වගා කළ හැකි වීම ද විශේෂත්වයක් වනවා. එසේම දින 75 කින් එහි අස්වැන්න ලබා ගත හැකියි. මෙය […]


Jan
3

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත් කෙරේ

Generic placeholder image

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. චන්දන වික්‍රමසිංහ මහතා මේ වන විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරනවා.


Jan
3

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Generic placeholder image

විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබේ. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.


Jan
3

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්ත කරුණාතිලකට

Generic placeholder image

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.


Jan
3

ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කරයි

Generic placeholder image

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පනත ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා.


Jan
3

ජනතාවට තවත් සහනයක්

Generic placeholder image

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ලියාපදිංචි අංකය සහිත වාහන අංක තහඩු සමග නිකුත් කරන අංකය ඇතුළත් ස්ටිකරය සදහා අය කර ගන්නා මුදල පහල දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව රුපියල් 750 ක් අයකර ගැනීමට නියමිතව තිබු එම මුදල රුපියල් 250ක් දක්වා අඩු කිරීමට තීරණය කර […]


Jan
3

සුඩාන හමුදාවට අයත් ගුවන්යානා අනතුරකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

සුඩාන හමුදාවට අයත් ගුවන්යානාවක් ඩාෆූර් නගර සමීයේදී අනතුරට පත්ව පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුඩාන හමුදාවට අයත් ඇන්ටනොව් 12 වර්ගයේ යානාවක් ඩාෆූර් නුවරට බටහිරින් පිහිටි ප්‍රදේශයක් වෙත කඩාවැටී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් මියගිය පිරිසෙන් හත්දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් ඉතිරි පිරිස සිවිල් වැසියන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් නඩුකාරවරුන් […]


News Articles
Latest Videos
Most Popular Post