News Line| Off Air
Generic placeholder image

Jan
3

පාර්ලිමේන්තුව දහවල් 1 දක්වා කල්තබයි

Generic placeholder image

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලැබුවා. මේ අතර දහවල් 12.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.


Jan
3

සිදු වූ වරදකට පාප් වහන්සේ කිතුණු ලෝකයාගෙන් සමාව අයදී

Generic placeholder image

ඉවසීම නොමැතිකමෙන් සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව අයැද තිබෙනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන් වෙත නව වසරට ආශිර්වාද කරමින් සිටි අවස්ථාවේදී උන්වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටි කාන්තාවක් සම්බන්ධ සිදුවීමක (පහර කෑමට ලක් වූ) වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රචාරය වූයේ කිතුණු ලෝකය කළඹවමින්. පාප් වහන්සේ ගේ […]


Jan
3

හපුතලේ ගුවන් අනතුර ගැන විමර්ශණයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ නගරයට කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. අදාල පරීක්ෂණ මණ්ඩලය මේ වන විටත් මූලික විමර්ශණ ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. අද පෙරවරු 09 යි […]


Jan
3

ජනපති පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අමතමින් කල ප්‍රකාශය මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීම බවයි ජනපතිවරයා එහිදී සදහන් කලේ. මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා. රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු […]


Jan
3

අද ඉදන් මම බොන්නේ නෑ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
3

බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට රොකට් ප්‍රහාර

Generic placeholder image

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට රොකට් ප්‍රහාර ත්‍රිත්වයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රහාර වලින් ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රධානි ජෙනරල් කසේම් සුලයිමානි ඇතුළු 8 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. අද අලුයම ඉරාන විප්ලවවාදී හමුදාවේ විශේෂ කුඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරල් කසේම් සුලයිමානි බැග්ඩෑඩ් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ඉරාන සහාය […]


Jan
3

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය මගීන්ට ඇරයුමක්

Generic placeholder image

දුම්රිය මගීන්ගේ ස්වෙච්ඡා දායකත්වයෙන් දුම්රිය මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩපිළිවෙල ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. එම වැඩපිලිවෙල යටතේ ලංකාවේ හොදම දුම්රිය ස්ථානය තෝරා ගැනීමද සිදු කිරීමට […]


Jan
3

අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරයි

Generic placeholder image

ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදී තිබෙනවා. දැනටමත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු […]


Jan
3

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Generic placeholder image

අඹේපුස්ස සහ මීරිගම අතර සංඥා දෝශයක් හටගෙන තිබෙන හෙයින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා. කෙසේ වෙතත් එම සංඥා දෝශය කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.


Jan
3

උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. එමඟින් ආයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු පැවසුවා.


Jan
3

උඩවලව වනෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම

Generic placeholder image

පසුගිය දිනක උඩවලව වනෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ගැන මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙනවා. එම සිදුවීම තිලිණ කලුතොටගේ ෆේස් බුක් පිටුවේ සදහන් වූ ආකාරයයි මේ. මේ පිලිබද බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් යළිත් සිදුනොවෙනු ඇති.


Jan
3

Update – හපුතලේ ප්‍රදේශයෙදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි – (Photos)

Generic placeholder image

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. හපුතලේ තම්බපිල්ල මාවත ආසන්නයේදී මෙම සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටි ඇති අතර එම අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් ‍Y12 වර්ගයේ යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තහරවුරු කර තිබෙනවා. මේ වන විට අනතුරින් මියගිය පුද්ගලයින් 04 දෙනෙකුගේ සිරුරු හමුව තිබෙන […]


News Articles
Latest Videos
Most Popular Post