බදුල්ල ලංගම ඩිපෝ සේවකයින් 07දෙනෙකු රාජකාරි වෙලාවේදී සූදු කෙලිමින් සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් ලග තිබී රුපියල් අටදහස් නව සියයක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර සැකකරුවන් අද ) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම කටයුතු අද උදැසන 10 ට ආරම්භ කෙරෙන බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන්,අගවිනිසුරුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් […]
දිවයින පුරා අදත් සවස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු […]
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට(03) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන මොහොතේදී සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන ආචාර වෙඩිමුර පැවැත්වීම අනවශ්‍ය බව ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට ජනාධිපතිවරයා පවසා ඇති බව සදහන්. ජනාධිපතිවරයා වෙනුවෙන් සුදානම්කර තිබූ සම්මාන ආචාර වෙඩිමුර 21 ක සහ මග දෙපස සිදුකරන හමුදා […]
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (02) ඉන්දියාව බලා පිටත්වුණා. මෙම තරඟය ක්‍රීඩකයන් අතර අන්‍යෝන්‍ය සහයෝග තිබූ පමණින් ජයගත නොහැකි බව සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. එමෙන්ම ඉන්දියාව යනු පරාජ කිරීමට අසීරු […]
තායිවානයේ හමුදා ප්‍රධානීවරයා ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා. ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය එරට තායිපේ නුවරට ආසන්න කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යානයේ ගමන් කළ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 62 හැවිරිදි තායිවාන් හමුදා ප්‍රධානී ෂෙන්යි මින් එරට ඊශාන දිග ප්‍රදේශයේ […]
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර තිබෙනවා. මේ අතර, හෙට ඇරඹෙන 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය සඳහා 600 කට අධික ආරාධිතයන් පිරිසක් එක්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් ඊට අයත් […]
නව වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඇමතිවරු මේ වන විටත් ඒ සදහා සහභාගි වී ඇති බව සදහන්. මෙම සාකච්ඡාවේදී රටට වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ඇති බවට වාර්තා වනවා.
ජර්මනියේ සත්වෝද්‍යානයක ඇති වූ ගින්නකින් සතුන් රැසක් මරණයට පත්ව තිබෙනවා. නව වසර උදාව වෙනුවෙන් දැල් වූ තහනම් ගිනිකෙළි විශේෂයක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. ජර්මනියේ සත්වෝද්‍යානයක වඳුරන් රඳවා සිටි ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නකින් එහි සිටි සියලුම සතුන් මිය ගිය බව බලධාරීහු තහවුරු කළා. ක්‍රෙෆෙල්ඩ් (Krefeld) සත්වෝද්‍යානය පවසන්නේ, ගොඩනැඟිල්ල ගිනිගෙන බිමට සමතලා […]
උතුරු පළාත් නව ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් අද යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. ඒ සර්ව ආගමික වතාවත්වලින් පසුවයි. ඇය පිළිගැනීම සඳහා වව්නියාව නගර සභා ශාලාවේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කළ බව සදහන්.
2020 වර්ෂයේදී ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට CNN ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. සිය කතෘ මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයක් අතුරින් මෙම වර්ෂයේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලැයිස්තුගත කිරීම සිදුකළ බව CNN වෙබ් අඩවිය සඳහන් කළා. මේ අනුව මේ වසරේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලෙස නම් කර ඇත්තේ චිලී රාජ්‍ය […]
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරක ප‍්‍රධානීන්ට අද(02) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්, අරලිය ගහ මන්දිරයේදී පත්විම් ප‍්‍රධානය කෙරුණා. එම පත්කිරීම් මෙසේයි මධ්‍යම සංස්කෘතික අරමුදල – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ජාතික චිත‍්‍රපට සංස්ථාව – සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා ටවර් හෝල් රඟහල පදනම – […]