News Line| Off Air
Generic placeholder image

Jan
2

රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිමයි – හිටපු ජනාධිපති

Generic placeholder image

රටේ ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.


Jan
2

පසුගිය වසරේ හොඳම අභ්‍යවකාශ ඡායාරූප මෙන්න

Generic placeholder image

අභ්‍යවකාශ මෙහෙයුම් ගණනාවක් ක්‍රියාවට නැගෙමින් තිබියදී, 2019 වසර තුළ සෞර ග්‍රහ මණ්ඩලයේ විවිධ ඉසව්වල සිට පෘථිවිය වෙත සන්නිවේදනය කෙරුණු ආකර්ෂණීය ඡායාරූප රැසකි. විශ්වයේ වඩාත් ආකර්ෂණීය ඉලක්ක වෙත යොමු කෙරුණු බලසම්පන්න දුරදක්නවලින් ලද සේයා රූ ද ඒ අතර . ඉහත දැක්වෙන්නේ ඉන් සමහරකි. නාසා ආයතනය විසින් යවන ලද ජූනෝ අභ්‍යවකාශ යානය 2016 වසරේදී යෝධ බ්‍රහස්පති ග්‍රහයාගේ […]


Jan
2

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පැවසුවා. ඒ අනුව සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 […]


Jan
2

නව වසරේ 01 වෙනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

Generic placeholder image

මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි. ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි.


Jan
2

තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Generic placeholder image

තායිවාන ගුවන් හමුදා ජෙනරාල්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු රැගත් බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටරයක් අතුරුදන්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙනරාල් ශෙන්ග් යි මින්ග් තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ද කටයුතු කරන බවයි. තායිවානයේ උතුරුදිග ප්‍රදේශයේදී ඔහු රැගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබැස්වීමෙන් පසුව එලෙස අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, එම හෙලිකොප්ටර් යානයේ […]


Jan
2

දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක්

Generic placeholder image

දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය ස්ථාන තුළදීම සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි වන අතර දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කළේ, අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කරන බවයි. […]


Jan
2

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

Generic placeholder image

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුවයි. පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබෙනවා.


Jan
2

යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ භාර ගනී

Generic placeholder image

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදු කළා. කෙසේ වෙතත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් යුද හමුදාපති ධුරයේ කටයුතු කරනු ලබන බව ද යුද හමුදාව පැවසුවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී […]


Jan
2

මාස 18කට පසු මැතිව්ස්‌ යලි කණ්ඩායමට

Generic placeholder image

ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ වදින ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ඒ සදහා ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුළත්. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබෙනවා. එමෙන්ම මෙවර මාස 18කට පසුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව තිබීම විශේෂත්වයක්.


Jan
2

නව වසර වෙනුවෙන් ඉන්දීය අගමැතිගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව වසර සඳහා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා අමතමින් මෙම සුබ පැතුම් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කලා. මෙම වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවට තමන් […]


Jan
2

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි

Generic placeholder image

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම සදහා එරට රජය විසින් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව චන්ද්‍රයනන් 3 මෙහෙයුම 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා. මෙම මෙහෙයුම චන්ද්‍රයනන් – 2 මෙහෙයුමට සමාන ලෙස නිර්මාණය කෙරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව මෙම මෙහෙයුමට ඉන්දීය රුපියල් […]


Jan
2

නිදහස් වීසා කාලය තව දුරටත් දීර්ඝ කෙරේ

Generic placeholder image

සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි රටවල් 48 කට දුන් සංචාරක වීසා කාලය තවදුරටත් අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ. ගිය වසරේ අගෝස්තු මස සිට රටවල් 48කට නිදහස් වීසා කාලයක් ලබා දුන් අතර […]


News Articles
Latest Videos
Most Popular Post