රජයෙන් ලැබුණු බදු සහන හේතුවෙන් තී‍්‍රරෝද රථ වලට බලපෑ බදු ඉවත් කිරීම් සහ තී‍්‍රරෝද රථ අමතර කොටස් මිල පහළ බැසීම, නිසා එයින් ලැබුණු සහන ජනතාවටද ලබා දීම අරමුණු කරගෙන තී‍්‍රරෝද රථ ගාස්තු වහාම අඩු කිරීමට තීරණය කර ඇති බව තී‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය සදහන් කරනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 10කින් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් […]
නව වසරේ පළමු පාසල් වාරය අද සිට ආරම්භ වූ අතර ඊට සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අයත් වෙනවා. කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ඇති පාසල් 47 ක නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන 06 වන දිනයි.
දිවයින පුරා විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා ඌව පළාත්වලත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු , උතුරු මැද ,නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.
නව වසර උදාවට පෙර වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සන්ධ්‍යා දිව්‍ය පූජාවෙන් පසු බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නොසිතූ සිද්ධියකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඒ ජනතාව මධ්‍යයේ ගමන්ගන්නා අතරතුර කාන්තාවක් පාප් වහන්සේගේ එක් අතක් වැරෙන් අල්ලා ඇය දෙසට ඇදීම හේතුවෙන්. එහිදී අපහසුතාවට පත්වීම නිසා උන් වහන්සේ සිය අත ඇගෙන් මුදාගැනීමට දැඩි […]
වත්මන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් එය සම්මත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඊයේ මීගමුව ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද වැඩිදුර ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබෙනවා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 30 වනදා ඇප මත මුදාහැරුණු අතර, ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. කෙසේ වෙතත් අද […]
ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්, එය මේ වන විට ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කළා. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. 2015 සැප්තැම්බර් මාසයේ තමා […]
අලුත් අවුරුදු උදාවේ ලොව පුරා බිලිදුන් 392,078 ක් ඉපිද ඇති බව යුනිසෙෆ් සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා. රටවල් 08 ක ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැඩිම බිලිදුන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉපිද ඇති අතර ඒ 67,385 ක්. චීනයේ ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව 46,299 ක් වන අතර නයිජීරියාවේ බිලිදුන් 26,039 ක් ඉපිද ඇති […]
මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය අද සිට වහාම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි. දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම ඊට හේතුවී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.
පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදා ගන්නා පාසල් 84 න් 37 ක් හෙට අධ්‍යයන කටයුතු සදහා විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. ඉතිරි පාසල් 47 ලබන 6 වනදා ආරම්භ කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරෙන […]
ඉන්දීයාවට එරෙහි 20 යි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විටත් සිය අනුමැතිය ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, සිට ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමිනි. මෙතෙක් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 තරගාවලියට අදාළ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම […]
කොළඹ සහ මහනුවර ප්‍රදේශවල වායු දූෂණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. එම සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය වන බවයි. නව වසර උදාවත් සමඟ පැවැත්වූ ගිණිකෙළි සංදර්ශන ද කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාමට හේතු වී […]