News Line| Off Air
Generic placeholder image

Jan
6

ළමා අභිවෘද්ධිය සහතික කිරිමට අදාල වු පස් අවුරුදු සැලැස්මක්

Generic placeholder image

ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන අප්‍රේල් මසය වන විට සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහිදි මුලික කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව සදහන් කළා.


Jan
6

ලැව් ගිනි වලින් බේරා ගත් කෝලා සතුන් නැවත වනයට මුදා හැරීමට නොහැකි වන්නේ ඇයි?

Generic placeholder image

පසුගිය නොවැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව් ගිනි වලින් හෙක්ටයාර මිලියන 03 කට වඩා ගිනිගත් බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදය පිලිබද මහාචාර්ය කි‍්‍රස් ඩික්මන් මහතා පවසනවා. ඔහුගේ පරීක්‍ෂණ වලට අනුව මෙම ලැව් ගිනි හේතුවෙන් ක්‍ෂීරපායින්, උරගයින් සහ පක්‍ෂීන් මිලියන 480 ක් පමණ මිය යන්නට ඇති බව සදහන්. මෙහිදී කෝලා සතුන් […]


Jan
6

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ‌මේ මස අවසානයේ

Generic placeholder image

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළා. මේ වනවිට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටිනවා. මේ අතර දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වුණා.


Jan
6

ට්‍රම්ප් ගේ හිසට ඩොලර් මිලියන 80 ක ලංසුවක්

Generic placeholder image

පසුගියදා අමෙරිකාව විසින් ඉරානයේ විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට විරෝධය පල කරමින් එරට වැසියන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන අයකුට ඩොලර් මිලියන 80 මුදලක් ලබා දෙන බව සදහන් කර තිබෙනවා. එමෙන්ම 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය අවධාරණය කර තිබෙන්නේ. මේ […]


Jan
6

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තව දුරටත් මාස 06කට තහනම්

Generic placeholder image

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර වෙළෙඳපොළ තවත් මාස 06කට තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරණය කර තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ […]


Jan
6

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශ සටහන් කර ගැනීම ළගදීම

Generic placeholder image

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට හෝ අනිද්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් ඔහු මේ බව අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් හිටපු […]


Jan
6

පාඨලීගේ රියැදුරුට ඇප

Generic placeholder image

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර මහතා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.


Jan
6

උඩවලව ජාතික වනෝද්‍යානයේ අමානුෂික දිවි ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොණරාගල හා ඇඹිලිපිටිය කොට්ඨාසවල නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම අපරාධය සිදුකළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) කුමාරපුර, සෙවනගල ප්‍රදේශයේදී ඇඹිලිපිටිය කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සේවනගල පොලීසයට ඉදිරිපත් කර ඇති බව සදහන්. සැකකරුවන් අද (06) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් […]


Jan
6

මහනුවර වායු දුෂණය ඉහලට

Generic placeholder image

මහනුවර නගරය ආශ්‍රිත වායු දුෂණය ඉහල ගොස් ඇති බව සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වායුගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් ඇති බවත් කැස්ස ,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීම මේ හේතුවෙන් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.


Jan
6

සා පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කල පාසල් 47ක පළමු පාසල් වාරය අද

Generic placeholder image

අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කල පාසල් 47ක පළමු පාසල් වාරය අද ආරම්භ වෙනවා. එමෙන්ම නව පාසල් වාරය සඳහා අවශ්‍ය සියලු පෙළපොත් මේ වනවිට සියලු පාසල් වෙත බෙදා හැර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර පාසල් නිළ ඇඳුම් වව්චර් පත්‍ර ද විදුහල්පතිවරුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද […]


Jan
6

මීගමුව ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

Generic placeholder image

මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගාල්පිටිය, බාසියාවත්ත, පමුණුගම ප්‍රදේශය, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රය ඇතුළු ප්‍රදේශවලට අද උදෑසන 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ මීගමුව බම්බුකුලිය […]


Jan
6

අදත් සවසට වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, බස්නාහිර පළාත්වලත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post