අමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේදයන් හේතුකොටගෙන මේ වන විට මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තා තවදුරටත් උග්‍ර වී තිබෙන අතර ඒ අතර ඉරාකයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බවට පලවන වාර්තා අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගියදා ඉරානයේ හමුදා ප්‍රධානි කාසෙම් සොලේමානි ඇමෙරිකාව විසින් එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු අතර මෙයට ප්‍රති ප්‍රහාර වශයෙන් […]
පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 7 .00 ටයි. දෙරට අතර පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දැමීමට තීරණය කෙරුණා.
ප්‍රධාන ජල නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත් හිටවනු ඇති.
අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් සහ අකුණු […]
පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව මාලිගාතැන්න හන්දිය අසලදී ලංගම බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරලී ගමන් කළ මගීන් විශාල පිරිසක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා. අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් හය දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුරෙන් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
ක්‍රිකට් ඉතිහාසයේ නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් පිහිටු වීමට නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සමත් වුණා. ඒ, නවසීලන්ත පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්. ලකුණු 7,172 ක් රැස්කර ගෙන සිටි නවසීලන්ත සුපිරි පිතකරු ස්ටීවන් ෆ්ලේමින්ග් තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් වුණා. ඕස්ටේ‍්‍රලියාව සමග මේ වනවිට පැවැත්වෙන 03 වන […]
වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජතිකයින් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පිතිවරයාගේ නියෝග පරිදි වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිය ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්‍රී 10 සිට අද (06) උදෑසන දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි සිදු කෙරුණා. ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද විදේශිය ජාතිකයින් අතර ඉන්දියාව […]
කුරුණෑගල කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාලව රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිඛෙනවා. නිකවැරටිය මූලස්ථාන පොලිසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බව සදහන්. අදාල දැරියට කාන්තාවන් දෙදෙනකු පහරදෙන දර්ශණ ඇතුලත් වීඩියෝවක් […]
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කලා. එසේම ඔවුන්ට මුදල් ලබාදුන් චෝදනා යටතේ අත්අඩංගුවට පත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ද රුපියල් ලක්ෂ පහ බැගින් වූ […]
ඊයේ දිනයේ ඉන්දියාව සමග පැවැත්වුනු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ඉන්දියාවේ විස්තර විචාරකයෙකු විසින් ඉන්දියානු කණ්ඩායම පිලිබද ඉතා ප‍්‍රශංසනාත්මක අයුරින් කතා කරන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පිලිබද අවතක්සේරුවකින් කතා කරනු ලබනවා. මේ අවස්ථාවට පැමිණෙන රසල් ආර්නෝල්ඩ් ශී‍්‍ර ලංකා කණ්ඩායම යනු ඉතා ප‍්‍රබල සහ දක්ෂ කණ්ඩායමක් බවත් අලුත් වීරයින් සිටින කණ්ඩායමක් බවත් නවක පිතිකරුවන්ගෙන් සමන්විත අභියෝගාත්මක […]
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට මෙහිදී නියෝග කර තිබෙනවා.