ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට ඊයේ දිනයේදී වැසි ඇදහැලුණ බව විදෙස් වාර්තා පැවසුවා. ඒ සමඟ මෙතෙක් ඉහළ අගයක පැවති එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ බැස ඇති බව සඳහන්. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සහ නැගෙනහිර වෙරළ තීරයේ සිඩ්නි සිට මෙල්බර්න් දක්වා ප්‍රදේශයට මෙලෙස වැසි ඇදහැලී තිබෙනවා. වර්ෂාවත් සමග උෂ්ණත්වයද පහළ […]
කුරුණෑගල,මල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පැවසුවා.
කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව, වසර 03ක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදාහැර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම […]
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අත්හිටුවා තිබෙනවා. මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර […]
පවතින දුම්රිය කාල සටහනට අමතරව දුම්රිය ධාවන දින සංශෝධනයක් මෙම සතිය තුළ සිදුව ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ඒ අනුව පවතින කාල සටහනට අමරතරව කොළඹ කොටුව සිට මහනුවර බලා සවස 5.20ට සිකුරාදා දින ධාවනය කරනු ලබන අංක 1033 දරණ දුම්රිය මෙම සතියේ බ්‍රහස්පතින්දා (09) හා සිකුරාදා (10) යන දින දෙක තුළම ධාවනය බව නිවේදනය […]
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම ඊයේ දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද දින දැනුම් දී තිබෙනවා.
77 වන වරට පවත්වනු ලබන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට රංගනයෙන් දායක වූ joaquin phoenix ලොව හොදම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුණා.
ඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරනවා. ඊයේ බදුල්ල, පස්සරදී හදිසි අනතුරකට ලක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගමන්කළ මගීන් අතරින් කිහිප දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර තිබෙන අතර මෙම […]
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (07) උදෑසන 5.00ට පමණ සිදුවූ වන අලි පහර දීමකින් විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. ඊයේ රාත්‍රි කාලයේ ගම්වැදුනු වන අලි අද උදෑසන මෙම පහර දී සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් විහාරස්ථානයේ ආවසගෙට සහ ඉදිරිපස මඩුවකට දැඩි ආලාභහානි සිදුවී ඇති අතර අලි විසින් පහරදීම සිදුකරන අවස්ථාවේ […]
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වීමෙන්.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් මැදිරිය වෙත ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතින අතර […]
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැඳවා තිබෙනවා. නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති බව සඳහන්. පෙරවරු 09.30ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සහ පක්ෂයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳව අවදානය […]