News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බව ඔහු පැවසුවා. අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු […]


Nov
21

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම් හලේ ගින්නක්

Generic placeholder image

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම් හලේ ගින්නක් ඇති වී තිබෙන බව මේ වන විට අපට වාර්තා වෙනවා.


Nov
21

ජනපති ඉදිරියේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ අනුව එතුමා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


Nov
21

O/L දෙසැම්බර් 02 වනදා සිට

Generic placeholder image

දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී මෙවර සා. පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ දෙසැම්බර් මස 02 වනදා සිටයි. මෙවර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙනවා.


Nov
21

රනිල් අගමැති ධුරය අත් හරින බව ජනපති දැනුම් දෙයි

Generic placeholder image

තමා ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්. තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවටත් ඒ පිළිබඳව අද දිනයේ නිලවශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යෙවත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා. […]


Nov
21

ඩී. ඒ. රාජපක්ෂ නඩුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Generic placeholder image

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්දව රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් අවභාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර කර තිබෙනවා. පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ඇපකරුවන් සියලුදෙනා නඩුවේ ඇපකාරීත්වයෙන් මුදාහරින […]


Nov
21

හෙන්රි ස්ටීල් ඕල්කට් දේශනය ලබන 23 ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී

Generic placeholder image

කොළඹ ආනන්ද විද්‍යාලයේ 133 වන සංවත්සර සැමරුම වෙනුවෙන් බුදු දහමේ චිරස්ථිතිය සදහා අනුපමේය සේවාවක් ඉටු කොට මෙරට ඉතිහාසයේ අමරණීයත්වයට පත් වූ ආනන්දයේ පුරෝගාමීන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන හෙන්රි ස්ටීල් ඕල්කට් දෙසුම මෙවර 2019. 11. 23 වන දින ආනන්ද විද්‍යාලිය කුලරත්න ශාලාවේදී පැවැත්විමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ” නීතියේ පාලනය තුලින් සමාජ […]


Nov
21

හිටපු අගමැති රනිල් ඉවත්ව යෑමට පෙර කාර්ය මණ්ඩලය අමතයි

Generic placeholder image

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම තිරණය අද දිනයෙදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමට නියමිතය.


Nov
21

පාන් මිල පහළට

Generic placeholder image

ඉකුත්දා තිරිඟු පිටි මිල රුපියල් 8කින් ඉහල දැමීමට තීරණය කෙරුණු අතර මේ හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ඒ වැඩි කෙරෙනු ලැබූ රුපියල් 8 නැවත අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි […]


Nov
21

පළාත් 6ක් සදහා නව ආණ්ඩුකාරවරුන්ට පත්වීම්

Generic placeholder image

නව ජනපති යටතේ නව ආණ්ඩුකාරවරුන් පත් වීම් ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ පළාත් 06 සදහායි. ඒ අනුව, බස්නාහිර පළාත ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල දකුණු පළාත් ආණ්ඩුකාරවර – ආචාර්ය විලි ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි […]


Nov
21

ජනපතිවරණයෙන් පසු සජිත් පළමුවරට පාක්ෂිකයින් හමුවට

Generic placeholder image

ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සිය පාක්ෂිකයින් හමුවීමට තීරණය කර තිබෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම සදහා සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමග මෙහිදී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුනත් […]


Nov
21

අදත් සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මි.මී. 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


News Articles
Latest Videos
Most Popular Post