News Line| Off Air
Generic placeholder image

Nov
20

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණයක් ?

Generic placeholder image

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට තීරණය කර ඇති බවටද වැඩි දුරටත් වාර්තා වෙනවා.


Nov
20

අගමැති රනිල් ධූරයෙන් ඉවත් වීමට සුදානමක්?

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අගමැති ධූරයෙන් ඉවත් වීමට සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඇති අතර විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Nov
20

අදත් සවසට තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්ම වූ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Nov
19

අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන්.


Nov
19

ජනපති ගෝඨාභය ලබන 29 වනදා ඉන්දියාවට

Generic placeholder image

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් පසු සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බව සදහන්. ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති […]


Nov
19

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවුණා.


Nov
19

ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා. එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව සදහන්. එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.


Nov
19

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනට

Generic placeholder image

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද(19) සවස දිවයිනට පැමණි බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කළා. එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබෙනවා. ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ […]


Nov
19

කැනඩාවේ දුම්රිය වර්ජනයක්

Generic placeholder image

කැනඩා ජාතික දුම්රිය සේවයේ සේවකයින් අද සිට පැය 72 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සේවක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම වර්ජනය සඳහා දුම්රිය සේවකයින් 3,000 ක් පමණ එක්ව සිටින බව සදහන්. කැනඩාවේ නිෂ්පාදනය කරන එළවළු තෙල් සහ තිරිඟු පිටි අපනයනය සඳහා […]


Nov
19

මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවයි

Generic placeholder image

මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියන් පැවසුවා. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා. “අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් […]


Nov
19

එරාන් වික්‍රමරත්නත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ එරාන් වික්‍රමරත්න මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියා. හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. […]


Nov
19

ප්‍රංශයේ එල්ලෙන පාලමක් කඩාවැටෙයි

Generic placeholder image

ප්‍රංශයේ ටුලූස් නගරයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. මෙලෙස කඩාවැටී ඇත්තේ දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමක් බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබු බව විදෙස් වාර්තා සඳහන් කළා. අනතුරින් පහළොස්හැවිරිදි දැරියක් සහ ලොරි රථ රියදුරෙක් මියගොස් ඇති අතර හදිසි […]


News Articles
Latest Videos
Most Popular Post