උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුර පළාත් හිටපු මහඇමති සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කර ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා […]
2019 ජනපතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයින් 20 දෙනකු ඉදිරිපත් වූ අතර අපේක්ෂකයින් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුණා. එහිදී සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ ජනපති අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද රාජසන්තක කෙරුණා. ඒ අනුව සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]
නීති විරෝධි ආකාරයෙන් මත් පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත් පැන් බෝතල් අනූවක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් තිදෙනා ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල අත්කම් නිවාස ප්‍රදේශයේ සිදුකළ නිවෙස් පරික්ෂාවකදී ඉතා සූක්ෂම ලෙස නිවෙස් දෙකක […]
අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් (19) සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි. ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි. ලබන 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා. ඒ අනුව දෙරටේම ජනතාවට තවදුරටත් ප්රතිලාභ ලැබෙන පරිදි එම සබඳතා පවත්වාගෙන යාමට අපේකෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. චීන ජනාධිපතිවරයා තමාගේ මෙන්ම […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවා. ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා […]
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්ධූරයට ඕෂධ සේනානායක මහතා පත් කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග සමබන්ධයෙන් කතිකා කරගැනීමටයි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව ලෙසද එම නිවේදනයේ සඳහන් […]
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ මහා සගරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මැදයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ නව ජනපති වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා ලෙස තේරීපත් වුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යුරෝපා සංගමයද සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. සංගමය වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කරන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.