එක්සත් ජාතික පෙරමුණේ ඉදිරිය පිලිබදව ගන්නා තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට අනතුරුව හෙට එක්සත් ජාතික පෙරමුණ කැදවා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂයන්හි පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් කැදවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම හමුවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර රුවන්වැලිසෑය අභිමුව ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා සවස් කාලයේ සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, සහ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන්. ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං […]
රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා . මාර්ග නාමපුවරුවලින් ද දේශපාලනඥයින්ගේ රුව ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා.
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති. මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වු යහපත් අංග වෙනුවෙන් සහය පල කිරීමට සුදානම් බව ජාතික ජනතා ව්‍යාපාරය යටතේ ජනාධිපතිධූරය සදහා තරග වැදි මහේෂ් සේනානායක මහතා සදහන් කළා. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් සුභ පතන බවද ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් තමා ඇතුලු කණ්ඩායම ඉටුකිරීමට අපේක්ෂිත සේවාවන් නොපිරිහෙලා ඉටු කරන බවද අද කොළඹදී […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව පැවසුවා. ගිගුරුම් සහිත […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පළ කර තිබෙනවා. නව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා – ජපාන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපාන තානාපති කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ආර්ථික සංවර්ධනය සහ වෙනත් කටයුතු උදෙසා […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා. මාළිගාවත්ත, මාළිගාකන්ද, පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තප්පලම්, ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති. ඒ අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. එමෙන්ම කොළඹ 03, 07, […]
මෙවර ජනාධිපතිවරණය මෙන්ම පශ්චාත් මැතිවරණ කාලසීමාව ද ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
7 වැනි විධායක ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය සහ එහි අර්ථය.