News Line| Off Air| Games
Generic placeholder image

Feb
6

3 වන චාල්ස් රජුට පිළිකාවක්

Generic placeholder image

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය නිසා සියලු මහජන කටයුතු කල් දමා ඇති බව බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Feb
5

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන දිලීර ආසාදනයක්

Generic placeholder image

අමෙරිකාවේ සිඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris නම් දිලීර ආසාදනය පිළිබඳවයි. මෙම දිලීර අසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබෙනවා. නමුත් මාසයක් තුල ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. Candida auris කොරෝනා වෛරසය මෙන් […]


Feb
5

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 27,000 ඉක්මවයි

Generic placeholder image

පසුගිය පැය 24ක කාලයක් තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 27,365 දෙනෙකු මිය ගොස් 66,630 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර යේමනයේ හුතී මිසයිල 05කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය […]


Feb
1

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

Generic placeholder image

ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි. මෙම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිළධාරීන් එක්ව සිටියා. පය හතරකට අධික කාලයක් සිදුකල කරුණු දැක්වීමේ දී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික […]


Jan
31

පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රංශයේ ගොවීන් විරෝධතාවයක

Generic placeholder image

ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඒ තම නිෂ්පාදනයන්ට නිසි වටිනාකමක් ලබා දෙන ලෙස හා පනවා ඇති පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි. මේ නිසා ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්‍රැක්ටර් හා ට්‍රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.


Jan
31

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක දී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් 22ක් තුවාල ලබා තිබෙනවා.


Jan
31

යුද්ධයේ බිහිසුණු බව පෙන්වූ ලයාන්ගේ ඛේදවාචකය

Generic placeholder image

ගාසා නගරයේදී ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්ව මෝටර් රථයක සිරවී සිටියදී උපකාර ඉල්ලූ 15 හැවිරිදි පලස්තීන දැරියක් වන Layan Hamdeගේ (ලයාන් හම්දී ) හඩ පටයක් පලස්තීන Red Cresent සංගමය සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා. කෙසේ නමුත් පසුව ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඇගේ පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනෙකුද එම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර […]


Jan
31

මිනිස් මොළයට බද්ද කළ චිප් එක

Generic placeholder image

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කල බව ඉලෝන් මස්ක් නිවේදනය කර තිබෙනවා. ඔහුට අයත් නිවුරා ලින්ක් සමාගම මෙලෙස මිනිස් මොළයට දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවයි වාර්තා වන්නේ. අදාල ශල්‍යකර්මයට භාජනය වූ රෝගියා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව ඉලෝන් මස්ක් පවසනවා. මෙම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා […]


Jan
30

නිදහස් දින පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක්

Generic placeholder image

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. පැරෂුට් පෙරහුරුව අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


Jan
30

නිදහස් සැමරුම් දිනයේ පෙරහුරු වෙනුවෙන් අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Jan
22

අමෙරිකාවේ අධික ශීත කාලගුණයෙන් 90ක් ජීවිතක්ෂයට

Generic placeholder image

පසුගිය සතියක කාලය තුළ අමෙරිකාවට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ ටෙනසි සහ ඔරිගන් යන ප්‍රාන්තවලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගිය සතියක පමණ කාලයක සිට අමෙරිකාව දරුණු හිම කුණාටුවලින් දැඩි බලපෑමකට ලක්වෙමින් පවතිනවා .


Jan
22

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල වෙඩි තැබීමක් – පස් දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව තංගල්ල පොලිසිය තහවුරු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post