News Line| Off Air
Generic placeholder image

Aug
5

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Generic placeholder image

දඹුල්ල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මතයි. අද අලුයම 3 ට පමණ දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. තුවාලකරු මේ […]


Aug
5

ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරුන් යලි පලාත් මාරුකර පත්වීම් ලබයි

Generic placeholder image

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු දකුණු ආණ්ඩුකාර), මෛත‍්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු මධ්‍යම ආණ්ඩුකාර), හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දුන් බව සදහන්.


Aug
5

මහනුවර දළදා පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.02ට යෙදෙන සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන අතර දළදා වීථීය, ඩී.එස්. සේනානායක වීථිය, පන්සල පාර, දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථීය සහ රජ වීථිය ඔස්සේ යලි දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල කියා […]


Aug
5

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාට සම්මානයක් හිමිවෙයි

Generic placeholder image

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් එරට ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබෙන බව වාර්තාවෙනවා. ඒ දකුණු අප්‍රිකානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල පෙරේදා ප්‍රිටෝරියාහිදී පැවැත් වුනු අතර ඒ අනුව මෙවර සම්මාන උළෙලේ දී ප්ලෙසිස් වසරේ ක්‍රීඩකයාට අමතරව වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.ක්වින්ටන් ඩි කොක් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා […]


Aug
5

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

Generic placeholder image

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වෙනවා.ඒ අනුව අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් ලකී ජයවර්ධන නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙසත් ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවුණා.


Aug
5

දිවයිනේ උතුරු ප්‍රදේශ වලට තද සුළං

Generic placeholder image

දිවයිනේ උතුරු පළාතේ විටින් විට පැ.කි.මී. (50-60) දක්වා සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. (60-70) දක්වා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව වාර්තා වනවා. ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල […]


Aug
5

වැල්ලවත්තේ ගැටුමෙන් පොලිස් නිලධාරින් ඇතුළුව 6ක් රෝහලට

Generic placeholder image

වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුම පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව මේ වන විට සමථයකට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය සදහන් […]


Aug
5

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ, පැමිණිලි ඇතොත් 1911ට කතා කරන්න

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වනවා. එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2,678කදී අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන්ගෙන් එක් ලක්ෂ 98,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789ක්. විභාගය සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් […]


Aug
5

නවීන තාක්ෂණය භාවිතාකරන ගොවි පුරපුරක් බිහිකරනවා – අගමැති කියයි

Generic placeholder image

ඉදිරි දශකයේදී නවීන තාක්ෂණයෙන් හෙබි ගොවි පුරපුරක් බිහි කිරීම තම අරමුණ බවයි අගමැතිය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොණරාගල පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. එහිදි අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාව වැනි රටවල ගොවි මහත්තුරු කාළිගුණික තොරතුරු දැන ගැනීමට ජංගම දුරකථන භාවිතා කරන බවත් එම තාක්ෂණය මෙරට ගොවීන්ට හදුන්වාදිය යුතු බවත්ය. එමෙන්ම උසස්පෙළ දරුවන්ට […]


Aug
5

ඊයේ රාත්‍රීයේ වැල්ලවත්තේ දෙපිරිසක් ගැටේ තත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි

Generic placeholder image

වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ දි බිමත් පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම්කාරි තත්ත්වයක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබෙනවා.පොලිසිය සදහන් කර සිටියේ වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවකයින් මෙම ගැටුමට සම්බන්ද වී ඇති බවයි. සිද්දියෙන් රථ වාහන කිහිපයකටම හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් සිද්ධිය […]


Aug
4

Formula 1 ලෝක ශූරතා මෝටර් රථ තරගාවලියේ 12 වන අදියර අදයි

Generic placeholder image

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියර අද රාත්‍රීයේ හංගේරියාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.එහි පැවති පුහුණු සැසියේ පළමු ස්ථානය දිනා ගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් වුණ අතර හංගේරියාවේ පැවත්වෙන ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියරේ පුහුනු සැසිය ඊයේ පැවැත්වුණා. ඒ අනුව එම පුහුණු සැසිය පැවති ධාවන පතය […]


Aug
4

පොලීසිය බීමත් රියදුරන් 7144 ක් අල්ලයි

Generic placeholder image

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7144ක් අත්අඩංගුවට ගෙන තිබෙන් බව වාර්තා වෙනවා. පසුගිය 2019.07.05 දින සිට අද (03) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ (03) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 188ක් […]


News Articles
Latest Videos
Most Popular Post