News Line| Off Air
Generic placeholder image

Jun
20

පළාත් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය, ගාල්ල,මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතෙත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති […]


Jun
19

අද මධ්‍යම රාත්‍රියේ සිට දුමිරිය නවති.

Generic placeholder image

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද උදෑසන 10.00 ට පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වු නිසා සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 කාලයක් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.


Jun
19

සහන පැකේජය පුළුල් වෙයි.

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණෙන් හදුන්වා දුන් සහන පැකේජය තවදුරත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එ අනුව සංචාරක කර්මාන්තවල යෙදි සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හදුන්වා දුන් ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු31 දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරිම, මගී බස් […]


Jun
19

සිංගප්පූරු ගිය ගෝඨාභයගේ හෘද සැත්කම අවසන්

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 31 වනදා සිංගප්පුරුවෙදී හෘද සැත්කමකට භාජනය වී ඇති අතර ප්‍රතිකාර ලබා ඔහු ඉකුත් 09 වනදා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. එතන් පටන් සති හයක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිරත වී නැවත ලබන මස 22 වනදා ලංකාවට පැමිණෙන බව පැවසෙනවා.එ අනුව ඩි. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් ගෝඨාභය […]


Jun
19

ෆේස්බුක් සමාගම නව මුදල් ඒකකයක් හදුන්වා දෙයි.

Generic placeholder image

ෆේස්බුක් සමාගම ”ලිබ්රා”නමැති නව මුදල් ඒකකයක් හදුන්වා දී තිබෙනවා.මෙම මුදල් ඒකකය තුළින් අන්තර්ජාලය තුළ සිදුකෙරෙන ගනුදෙනු සඳහා භාවිතා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.මෙය හදුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතනය මගින් ගෙවීම් පහසු කිරිමයි.”කැලිබ්‍රා” නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙය සිදු කළ හැකි බවයි සඳහන් වන්නේ. මෙය නව වසරේ සිට […]


Jun
19

එංගලන්තයට ලකුණු 150 ක විශිෂ්ට ජයක්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇෆ්ගනිස්ථානය සහ සත්කාර එංගලන්තය අතර පැවති තරගයේ ලකුණු 150ක විශිෂ්ට ජයක් වාර්තා කීරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 397 ක් රැස් කළා.පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ කඩුළු 08 ක් දැවී ලකුණු 247 […]


Jun
19

ඩෙංගු රෝගීන් 2820ක් ගාල්ලෙන්

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් 2820 වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.ගාල්ල නගර සීමාවේ අම්බලන්ගොඩ,බලපිටිය,හික්කඩුව,හබරාදුව යන ප්‍රදේශවල මෙ වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් බහුලව වාර්තා වී ඇති බවත් එයින් රෝගීන් 05 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා. ඊයේ දකුණු […]


Jun
19

ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය,ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.එමෙන්ම වයඹ සහ ඌව පළාතෙත් මාතලේ, හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් දකුණු […]


Jun
18

වව්නියාවට හෙට දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට හෙට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්. ඒ අනුව, හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ වව්නියාව […]


Jun
18

ජපානයෙන් ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

Generic placeholder image

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා […]


Jun
18

විපක්ෂ නායකට නිල වාහනයක්,ඇමති කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට රුපියල් මිලියන 57,546 ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත්කරගනී

Generic placeholder image

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ රුපියල් මිලියන 56,546ක පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ ඇති බැවින් ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනුයි. පළාත් සභා 9 ට අදාළ සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රතිපාදන මෙන්ම විපක්ෂ නායකවරයාගේ භාවිතයට නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් […]


Jun
18

වසර 8කට පසු ඉන්දියාව, චීනය අභිබවයි

Generic placeholder image

තවත් වසර 8කින් ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණතම රට බවට පත්වන බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. වසර 2050 වන විට ලෝක ජන ගහනය වර්තමානයේ පවතින බිලියන 7.7ක සිට බිලියන 9.7 දක්වා ඉහළ යන බවයි එමගින් පෙන්වා දෙන්නේ. මේ වසරේ සිට 2050 දක්වා කාලය තුළ චීනයේ ජනගහනය මිලියන 31.4කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂිතයි. […]


News Articles
Latest Videos
Most Popular Post