News Line| Off Air
Generic placeholder image

Jun
6

මේ ඉරිදා මෝදි අගමැති දිවයිනට

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 09වනදා මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වෙන්නේ. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පස්වරු 03ට සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතයි.නරේන්ද්‍ර මෝදි දෙවන පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වෙන්නේ.


Jun
5

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාර ධූරය ශාන් විජේලාල්ට

Generic placeholder image

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ඉවත්වීමත් සමග පුරප්පාඩු වූ නැගෙනහිර නව ආණ්ඩුකාර ධූරය සදහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ශාන් විජේලාල් දි සිල්වා මහතාව පත්කර තිබෙනවා.


Jun
5

රතන හිමි ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව යයි

Generic placeholder image

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු වේලාවකට පෙර මහනුවර මහ රෝහලෙන් පිටව ගිය බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක මහතා පවසනවා.උන්වහන්සේ ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වෙමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය භික්ෂු වාට්ටුව වෙත […]


Jun
5

ඇමති මංගල ගම්පහ විහාර තහනම ගැනත් පණිවුඩයක් නිකුත් කරයි

Generic placeholder image

මංගල සමරවීර මුදල් ඇමතිවරයා ගැන මේ දවස්වල ගොඩක් දෙනා කතාකරනවා. ඒ එතුමා නිකුත් කරන සමහර ප්‍රකාශයන් නිසා. මේ ආකාරයට දිගින් දිගටම ජනතා විරෝධය එල්ල වෙන ප්‍රකාශ නිකුත් කිරීම නිසා ඊයේ රාත්‍රියේ රැස් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ භික්ෂු මණ්ඩලය මංගල ඇමතිතුමට වගේම රාජිත සේනාරත්න ඇමතිතුමාට හා චතුර මන්ත්‍රීවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වල කිසිදු කටයුත්තකට ඔවුන්ව සහභාගී කර […]


Jun
5

නව සඳ දැකීමෙන් පසු අද මුස්ලිම් ජනයා රාමසාන් සමරයි

Generic placeholder image

මාසයක් පුරා ආරක්ෂා කළ උපවාසය සමය නිම කරමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ රාත්‍රියේ නව සඳ දැකීමත් සමග අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය නිකුත්කර තිබුණා.මෙවර රමසාන් උත්සවය චාම්ව සමරන ලෙසයි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ.


Jun
5

මංගලට-රාජිතට-චතුරට ගම්පහ පන්සල් තහනම් කරයි

Generic placeholder image

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරිමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ තීරණය කර තිබෙනවා. ඊයේ රාත්‍රි රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණයට එළඹි බවයි ගම්පහ දිස්ත්‍රික් සසණාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද හිමි සදහන් කළේ.


Jun
5

ලංකාව පළමු ජය ලබයි

Generic placeholder image

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනුයි.තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළා. කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කිරිමට සමත් වූ අතර දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි […]


Jun
4

සුළි කුණාටු සදහා නම් තැබීමට ඔබට අවස්ථාවක්

Generic placeholder image

උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමේ අවස්ථාවක් කාළගුණ විද්‍යා දේපාර්තුමේන්තුව විසින් ජනතාවට ලබා දී තිබෙනවා.එම නම් ජුනි මස 15 වෙනිදාට පෙර එවන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. මේ එම නිවේදනයයි…


Jun
4

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය මඟහැරෙයි

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයේදීයි.අද තරඟය සඳහා නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර ජීවන් මෙන්ඩිස් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වෙනසක් සිදුව නැහැ.


Jun
4

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මුසම්මිල් දිවුරුම් දෙයි

Generic placeholder image

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ඒ ඊයේ දිනයේදී ඉල්ලා අස්වූ අසාද් සාලි වෙනුවෙනුයි.


Jun
4

මහසොහොන් බළකායේ අමිත්ට ඇප

Generic placeholder image

මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට […]


Jun
4

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

Generic placeholder image

නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු උවදුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ නිසා හැකි තාක් දුරට […]


News Articles
Latest Videos
Most Popular Post