News Line| Off Air
Generic placeholder image

Jun
11

මාලිංග යලි දිවයිනට

Generic placeholder image

ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ඒ ඔහුගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.ඒ අනුව තමන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරගයෙන් පසු යළි මාලිංග දිවයිනට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ. අවමංගල්‍ය […]


Jun
11

ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු අද මහනාහිමිවරු බැහැදකියි

Generic placeholder image

රජය නියෝජනය කරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම අද අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිඛෙනවා.මෙම හමුවීම පිළිබදව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් රජයේ ඇමති තනතුරු වලින් ඉවත් වීමට හේතුව එහිදී මහ නාහිමිවරුන්ට පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවයි.


Jun
11

ජනාධිපතිවරණයට සුදුසුම ලක්ෂ්මන් කිරිඇල්ල – විජයදාස රාජපක්ෂ කියයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් අදහස් පළවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බවයි. මේ ආකාරයට ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරනයට සුදුසු අපේක්ෂකයෙකු බව ප්‍රකාශයට පත් වූ දෙවන අවස්තාව මෙයයි. මීට පෙර මධ්‍යම පළාතේ ස්වාමීන්වහන්සේ නමක්ද […]


Jun
10

ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට අපූරු පාඩමක් කියා දුන් කෝලී | Video

Generic placeholder image

ඊයේ දිනයේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී පිටියේ සිදු වූ අපූරු සිදුවීමක් අද ලෝකය පුරා කවුරුත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රේක්ශකාගාරයට ලබා දුන් අපූරු අවවාදයක් නිසයි. එයට හේතුව වී තිබුණේ පිටියේ පන්දු රැකිමේ නිරත වී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට ඉන්දීය […]


Jun
10

ඉන්ධන මිල අද සංශෝධනය වෙයි, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහලට

Generic placeholder image

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා ඉන්ධන මිළ කමිටුව අද රැස්වනවා.පසුගිය මාසයේ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ඉහල දැමුණා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ ගණන් මේ වනවිට […]


Jun
10

නුවන් ප්‍රදීප්ට සතියක් ක්‍රිකට් බැහැ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ පැවති පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු ඇඟිල්ලේ වැදීමෙන් එහි අස්ථියක් බිඳී ඇති බවයි කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් සදහන් කර සිටියේ. ” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙනවා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් […]


Jun
10

මංතීරු නීතිය අද සිට දැඩිවෙයි

Generic placeholder image

මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව දිවයිනේ ප‍්‍රධාන නගරවල මෙම නීතිය කි‍්‍රයාත්මක කරනු ඇති. මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව රියදුරන්ට සති දෙකක සහන කාලයක් ද පොලීසිය විසින් ලබාදෙනු ලැබුවා. එම කාලය අවසන්වීමත් සමග මංතීරු නීතිය අද සිට දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර […]


Jun
7

නුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දින නියම කෙරේ

Generic placeholder image

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට දින නියම කර තිබෙනවා. 2019 ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කර ඇත්තේ මෙවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 2 වනදා සිදුකරන බවයි. පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වනදා වීථි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු 10 […]


Jun
7

රුපියල් 25000 රථ වාහන දඩයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

Generic placeholder image

හඳුනාගත් රථ වාහන වැරදි 06ක් සඳහා දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත වී තිබෙනවා.අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. අධික වේගයෙන් රිය ධාවනය කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, දුම්රිය මාර්ගයන්ට අපරික්ෂාකාරිව රිය ධාවනය කිරීම, වලංගු රියදුරු බලපත්‍ර නොමැති වීම, වලංගු […]


Jun
7

දෝණිගේ අත් ආවරණ ගැන ප්‍රශ්ණයක් මතුවෙයි

Generic placeholder image

ඉන්දිය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර ලෝක කුසලාන තරගාවලයේදී කඩුලු රැකීම සඳහා භාවිත කරන අත් ආවරණ ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඒ ඔහුගේ අත්ආවරණයන්හි ඉන්දීය යුද හමුදාවට සම්බන්ධ ලාංඡනයක් ඇතුළත්වීම හේතුවෙන්. එම ඉල්ලීමට අදාළව පිළිතුරු දී ඇති ඉන්දියාව අයි.සී.සී. ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ දෝනිගේ අත්ආවරණයන් හි […]


Jun
7

රට නන්නත්තාරයි – නාමල් රාජපක්ෂ කියයි

Generic placeholder image

අමාත්‍ය මංගල සමරවීර තම නොහැකියා වසා ගැනීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ විටින් විට නිකුත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.ඒ අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “අද රට ලෝකය හමුවේ විහිලුවක් වෙලා විතරක් නෙවෙයි රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන වැඩසටහනක් බවට පත්වෙලා.පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට මගහරින්න බෑ.පොලිස්පතිවරයාට විදෙස් රටක […]


Jun
7

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වෙනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සවස 7.30 පමණ මෙම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post