News Line| Off Air
Generic placeholder image

Jun
13

හිස්බුල්ලා අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කරෙණු විශේෂ තේරීම් කාරක සභාව අද යළි රැස් වනවා.සාක්ෂි විමසීම සදහා කැදවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතායි. කාරක සභාව රැස් වන 05 වන අවස්ථාව මෙයයි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර […]


Jun
13

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ පාසල් 11ක් අද සිට වැසේ

Generic placeholder image

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශ වල පාසල් 11 ක් අද සිට වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා එම තීරණයට එළඹ ඇත්තේ පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුරාධපුරයට පිට පළාත් වලින් පැමිණෙන පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි. අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසල,ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,ශාන්ත […]


Jun
13

ජනපති අද ටජිකිස්ථානය බලා යයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සඳහා අද ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.ඒ චිනයේ ෂැංහයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා සහභාගී වීම සදහායි. ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් වනවා.ලබන 15 වැනිදා ජනාධිපතිතුමා මෙම සමුළුව ඇමැතිමට ද නියමිතයි. මෙම […]


Jun
12

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Generic placeholder image

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා එම අමාත්‍යාංශය සදහන් කලේ ලංකා ගමනා ගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනා ගමන කොමිශන් සභාව එක්ව මෙම ඒකාබද්ධ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කරන බවයි පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ලබන 14 වනදා සිට 18 වනදා අලූයම දක්වා […]


Jun
12

ඉදිරි කාළගුණ අනාවැකිය

Generic placeholder image

කිලෝ මිටර 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව තද සුළං පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝ මීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ […]


Jun
12

කංජිපානී ඉම්රාන් අධිකරණය හමුවට

Generic placeholder image

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි මස 8 වනදා ද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ. එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතන, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු […]


Jun
12

වෛද්‍ය ෂාෆිට එරෙහිව වෛද්‍යවරුන් විරෝධතාවක

Generic placeholder image

අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට විරෝධය පල කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් වෛද්‍යවරුන් තීරණය කර ඇත. අද (12) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසුවේය. […]


Jun
12

පාස්කු ප්‍රහාරයෙන් වැසුණු ෂැංග්‍රි-ලා අද සිට යළි විවෘත වෙයි

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද සිට නැවත විවෘත වනවා.ඒ අනුව අද පස්වරු 06 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ. එමෙන්ම ෂැන්ග්‍රි-ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි.


Jun
12

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සොයා ඉන්දීය බුද්ධි අංශ තමිල්නාඩුව පීරයි

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයි එස් සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 7 ක් එරට ජාතික බුද්ධි කාර්යාංශය විසින් පරීක්ෂා කර තිඛෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි එස් සංවිධානය සමග සම්බන්ධවීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවයි.කාන්තාවන් සහ […]


Jun
12

අනුරපුරයේ හෙට සිට සතියක් සුරා සැල් වැසේ

Generic placeholder image

හෙට සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.


Jun
12

ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු යලි ඇමතිධූර භාර ගන්නා හැටි හෙළිකරයි

Generic placeholder image

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය ධුරවලින් […]


Jun
12

ලංගම වර්ජනයක

Generic placeholder image

ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ප්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බවයි. එහෙත් අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව […]


News Articles
Latest Videos
Most Popular Post